International

ජපානයේ ඉෂිකාවා කලාපයේ දරුණු ජලගැලීම්වලින් 06ක් මරුට

Tuesday, 24 September 2024 - 9:40 am

ජපානයේ ඉෂිකාවා කලාපයට ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් හටගත් ජලගැලීම් හා නායයෑම්වලින් පුද්ගලයන් 06 දෙනකු මියගොස් ඇති අතර තවත් 10 දෙනකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඉකුත් සෙනසුරාදා සිට ඊයේ (23දා) දහවල් දක්වා නොනවත්වා ඇදහැලී ඇති අධික වැසි හේතුවෙන් දරුනු ජලගැලීම් හා නායයෑම් නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බව ජපන් බලධාරීහු පවසති.

මෙම ස්වභාවික විපත්වලින් දැඩි හානි සිදුව ඇත්තේ ඉකුත් ජනවාරි මස 01 වැනිදා දරුනු භූමිකම්පාවක් හේතුවෙන් බැට කෑ වජීමා හා සුසු නගරවලට බව වාර්තා වී තිබේ. අදාළ නගර දෙකට ඉකුත් සෙනසුරාදා සිට ඊයේ දක්වා කාලය තුළ වසරක කාලයක් ඇදහැළෙන වර්ෂාපතනය ඇදහැලීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගතවී තිබේ. ඉෂිකාවා කලාපයට ඇද හැලී ඇති වැසි සමග ගංගාවන් විශාල සංඛ්‍යාවක් පිටාර ගලා මහා මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් කලාපයේ සිටින ප්‍රජාවන් සිය ගණනක් සෙසු ප්‍රදේශවලින් හුදකලාවී ඇති බව බලධාරීහු පවසති.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT