International

පාකිස්තානයේ 17 හැවිරිදි ටික්ටොක් තරුව වෙඩි තබා ඝාතනය කරයි

Saturday, 07 June 2025 - 12:03 pm

පාකිස්තානයේ ටික්ටොක් සමාජ මාධ්‍යජාලයේ අතිශය ජනප්‍රිය තරුවක් වන 17 හැවිරිදි සානා යූසුෆ් වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි ඇගේ නිවෙසේදි එම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර, සැකකරු 22 හැවිරිදි තරුණයකු බවත්, ඔහු මේ වන විට අත්අඩංගුවේ පසුවන බවත් ඉස්ලාමාබාද් පොලීසිය ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

අදාළ සැකකරු මීට පෙර අවස්ථා ගණනාවකදීම සානා යූසුෆ් සමඟ අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වීමට උත්සාහ දරා ඇතැයි ද, වෙඩි ප්‍රහාරය එල්ල කළ දිනයේ උදෑසන පැය ගණනාවක් ඇගේ නිවෙස අසල රැඳී සිට ඇතැයි ද මූලික පරීක්ෂණයේදී හෙළි වූ බව පොලීසිය සඳහන් කර තිබේ.

ටික්ටොක් සමාජ මාධ්‍යජාලයේ මිලියනයකට ආසන්න රසික රසිකාවියන් සිටින බව කියන මේ ටික්ටොක් තරුව එම සමාජ මාධ්‍යජාලයට අවසන් වරට නිකුත් කර ඇත්තේ පසුගිය සතියේ යෙදී තිබූ ඇගේ 17 වැනි උපන්දින උත්සවයේ වීඩියෝ පටය බව වාර්තා වේ.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT