International

ඉන්දුනීසියානු ජනපතිගෙන් දැවැන්ත කැබිනට්ටුවක්

Tuesday, 22 October 2024 - 10:25 am

ඉන්දුනීසියාවේ අටවැනි ජනාධිපතිවරයා වශයෙන් පෙරේදා (20දා) දිවුරුම් දී ඇති එරට හිටපු යුද හමුදා ජෙනරාල්වරයකු වූ ප්‍රබොවෝ සුබියන්ටෝ දශක ගණනාවකට පසු එරට දක්නට ලැබුණු විශාලතම කැබිනට් මණ්ඩලය පත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මේ අනුව නව ඉන්දුනීසියානු ජනාධිපති සුබියන්ටෝ විසින් පත් කර ඇති කැබිනට් මණ්ඩලයට ඇමැතිවරු 48 දෙනකු අයත් වන අතර ඔවුන් සඳහා පත් කර ඇති නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව 58කි. හිටපු ඉන්දුනීසියානු ජනාධිපති ‘ජොකොවි’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ජෝකෝ විඩෝඩො පත් කර තිබූ කැබිනට් මණ්ඩලයට ඇමැතිවරුන් 34 දෙනකු අයත් වූ අතර ඔවුනට සහය වීම සඳහා පත් කර සිටි නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව 30ක් විය.

හැත්තෑ තුන් වැනි වියෙහි පසු වන නව ඉන්දුනීසියානු ජනාධිපති සුබියන්ටෝ දශක ගණනාවක්ම මානව හිමිකම් උල්ලංගනය කිරීමේ චෝදනාවලට ලක්ව සිටි අතර ඉකුත් පෙබරවාරි මස පැවති ඉන්දුනීසියානු ජනාධිපතිවරණයේදී සිය ප්‍රතිවාදීන් දෙදෙනාම පරාජය කරමින් සියයට 58 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ගනිමින් ජයග්‍රහණය හිමිකරගෙන තිබිණි. නව ජනාධිපතිවරයා විසින් සිය උප ජනාධිපතිවරයා වශයෙන් පත් කරගෙන ඇත්තේ හිටපු ඉන්දුනීසියානු ජනාධිපති ජොකොවි ගේ වැඩිමල් පුත් ජිබ්‍රන් රකාබනින් රකා වන අතර සිය ආර්ථික කටයුතු ඇමැතිවරයා වශයෙන් නම් කර ඇත්තේද හිටපු ජනාධිපතිවරයාගේ ආර්ථික කටයුතු ඇමැතිනිය වූ ශ්‍රී මුල්‍යානි ඉන්ද්‍රවතී වීම විශේෂත්වයකි. අග්නිදිග ආසියාවේ විශාලතම ආර්ථිකය පවතින ඉන්දුනීසියාවෙන් දූෂණය තුරන් කරන බවට ප්‍රතිඥා දී ඇති සුබියන්ටෝ ජනාධිපතිවරයා රට ආහාරවලින් හා බලශක්තියෙන් ස්වයංපෝෂිත කරන බව ධුරයේ දිවුරුම් දීමෙන් පසු ප්‍රකාශ කර තිබේ.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT