උන්හිටිතැන් අහිමිවූ පලස්තීනුවන් රැඳී සිටි ගාසා නගරයේ පිහිටි පාසල් ගොඩනැගිල්ලකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ලකර තිබේ.
ඉන් 70කට අධික පිරිසක් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
තුවාලකරුවන් ව ප්‍රතිකාර සඳහා ඇතුළු කළ රෝහලේ ප්‍රධානියා පැවසුවේ මියගිය සහ තුවාල ලැබූ බොහෝ දෙනෙක් හඳුනාගෙන ඇති බවත් සිරිරුවලට දැඩි ලෙස හානිවී ඇති පුද්ගලයින්ව හඳුනාගැනීම අපහසුවී ඇති බවයි.
ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල ප්‍රකාශකයෙක් හෙළිකර ඇත්තේ එම පාසල් ගොඩනැගිල්ල හමාස් සහ ඉස්ලාමික් ජිහාඩ් හමුදා කටයුතු සඳහා යොදාගෙන ඇති බවයි.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය ට සිය විරෝධය දැක්වීමට අසල්වැසි රටවල් සහ යුරෝපීය රටවල් ක්‍රියාකර තිබුණි.