ඉන්දියාවේ නැඟෙනහිර බෙංගාල ප්‍රාන්තයේදී අභ්‍යාසලාභී වෛද්‍යවරියක දූෂණය කර ඝාතනය කිරිමේ සිදුවීමක් මුල් කරමින් රෝහල් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ලක්ෂ තුනකට අධික වෛද්‍යවරු පිරිසක් වැඩ වර්ජනයකට එක් වී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. කොල්කටා නුවර රෝහලක සේවය කරන 31 හැවිරිදි එම වෛද්‍යවරිය රාත්‍රි සේවා මුරයෙන් පසු රෝහල් ශ්‍රවනාගාරයේ නිදා සිටියදී එම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී ඇතැයි ද, ලිංගික හිංසනයට ලක්වූ බවට සාක්ෂි සහිත ඇගේ අඩනිරුවත් සිරුර පොලිසිය විසින් සොයාගෙන ඇත්තේ ඊට පසුදින උදෑසන බව ද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. වෛද්‍යවරියගේ මරණය සම්බන්ධව සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද වාර්තා වේ.
කෙසේ වුවද වෛද්‍යවරියගේ මරණය පිළිබඳ පොලිසිය විසින් සිදු කරනු ලබන විමර්ශන කටයුතු කඩිනම් නොකිරීමත්, රෝහල් කාර්ය මණ්ඩලයේ කාන්තා අතවර හා හිංසන ඉහළ යෑමත් මුල් කරමින් වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය එම වැඩ වර්ජනය ආරම්භ කර තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.