Local

ජනාධිපතිතුමා විසින් සාර්ථකව රටේ ආර්ථික ප්‍රගමනයට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාවට නංවා තිබෙනවා

Tuesday, 18 June 2024 - 5:05 pm

  • කුඩා තේ වතු හිමියන්ගේ ගැටළු විසඳීම සඳහා 50%ක සහනාධාරයක් – සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්.

රට වෙනස් කළ හැක්කේ ප්‍රතිපත්ති මත මිස පුද්ගලයින් හෝ පක්ෂ මත නොවන බවත් රටේ ආර්ථික ප්‍රගමනයට අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සාර්ථකව ක්‍රියාත්මක කර තිබෙන බවත් සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසීය.

කුඩා තේ වතු හිමියන්ගේ ගැටළු විසදීම සඳහා 50%ක සහනාධාරයක් ලබාදීමට ජනාධිපතිවරයා අනුමැතිය ලබාදී තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ  (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

අරගලය විසින් අපේක්ෂා කළ ප්‍රතිසංස්කරණ සිදුකරමින් රජය මේ වන විට සාර්ථකව කටයුතු කරමින් සිටිනවා. නමුත් ඉදිරියේ දී රට බාරගැනීමට සූදානම් බව කියන පාර්ශ්ව විසින් විවිධ ප්‍රකාශ සිදුකළ ද ඔවුන් විසින් තවමත් තම ප්‍රතිපත්ති ප්‍රකාශයන් ඉදිරිපත් කර නැහැ. රජයේ ප්‍රතිපත්ති බහුතර පිරිසක් අනුමත කරනවා. නමුත් ඇතැම් පිරිස් මනෝ රාජ්‍ය සංකල්ය තුළ සිටිමින් කටයුතු කරන බවක් පෙන්නුම් කෙරෙනවා.

කවුරුන් විසින් කුමන ප්‍රකාශයන් සිදු කළ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ගෙන ආ ප්‍රතිසංස්කරණ ක්‍රමවේදය සර්ථක වී තිබෙනවා. ආර්ථික ප්‍රගමනයට අවශ්‍ය අඩිතාලම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව විසින් මේ වන විට ඉදිරිපත් කර ගැටළුවකින් තොරව ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ තුළ මෙරට ආර්ථික ක්‍රමය, උද්ධමනය සහ සමාජ සුභසාධනය නව පැතිකඩකට ගමන් කරමින් තිබෙනවා. රජය විසින් සුභ සාධන ක්‍රමයන් ආරම්භ කරන විට පොලී අනුපාතය 35%ක්ව පැවතුණා. නමුත් අද වින විට පොලී අනුපාතය 12% දක්වා පැමිණ තිබෙනවා.

ඒ වගේම රට වෙනස් කළ හැක්කේ ප්‍රතිපත්ති මත මිසක් පුද්ගලයින් හෝ පක්ෂ මත නොවෙයි. පක්ෂය හෝ පුද්ගලයින් වෙනස් කළ පමණින් රටක ආර්ථිකය වෙනස් වන්නේ නැහැ.

මැතිවරණවලදී අසීමිත ලෙස දූෂිත ධනය පැමිණෙන ක්‍රමය වසා දැමීම සඳහා මැතිවරණ වියදම් පනත ගෙනවිත් තිබෙනවා. නමුත් දූෂණයට ප්‍රධානම හේතුව මැතිවරණ ක්‍රමය බව සඳහන් කළ යුතුයි. පවතින මනාප ක්‍රමය නිසා මැතිවරණ දිනාගැනීමට නම් අපේක්ෂකයෙකුට රුපියල් ලක්ෂ 500ක් වත් අවශ්‍ය බවට පුරෝකතනය කර තිබෙනවා. ඒ නිසා පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුමයි.

රාජ්‍ය ප්‍රතිපත්තිය විසින් ගෙන යනු ලබන වැඩපිළිවෙල නිසා මේ වන විට ජනප්‍රියතාවයක් ඇති වී තිබෙනවා. මේ මොහොතේ ගෙන යනු ලබන වැඩපිළිවෙලට අවශ්‍ය නායකත්වය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් යමින් සිටින බව රහසක් නොවේ. එය රජයත්, ජනතාවත් සහ එක් එක් ක්ෂේත්‍ර සඳහා විශේෂඥ දැනුම ඇති පාර්ශ්ව විසින් පිළිගෙන තිබෙනවා.

එමෙන්ම කුඩා තේ වතු හිමියන්ගේ ගැටළු විසඳීම සඳහා 50%ක සහනාධාරයක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ සඳහා අපට රුපියල් බිලියන 1.2ක් අවශ්‍යයයි.

එමඟින් හෙක්ටයාර් 1200ක් අළුතින් වගාවට එක් කෙරෙනවා. ඒ සඳහා අවශ්‍ය පොහොර සහනාධාරය ලබාදීමට ද කටයුතු කරමින් සිටිනවා.

ඒ වගේම කාන්තාවන් සවිබලගැන්වීමේ පනත් කෙටුම්පත නුදුරේදීම පාර්ලිමේන්තුව තුළ සම්මත කරගැනීමට නියමිතයි. එමඟින් කාන්තාවන් සවිබලගැන්වීම සඳහා විශේෂ කොමිෂන් සභාවක් පත් කෙරෙනවා. මෙවැන්නක් සිදුවන්නේ ඉතිහාසයේ පළමු වතාවටයි.


Top Stories
wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

රට පුරා ත්‍රිපෝෂ නිෂ්පාදන අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමට සැලසුම්

wedivistara

බස් රථවල ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්!

wedivistara

කෝටි හතරක් පැහැරගත් මුදල් භාරකරුට වැඩ වරදී

wedivistara

2025 වස‍රේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 120.5 ක ආදායමක්

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

Trending
wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

සර්බියාවේ ජනාධිපතිට එරෙහිව විරෝධතා


NEWS ALERT