International

රුසියාවේ අගනගරට දරුණු ත්‍රස්ත ප්‍රහාරයක් – 60ක් මරුට

Saturday, 23 March 2024 - 8:15 am

රුසියාවේ මොස්කව් අගනගරයේ නර්තන තරගාවලියක් පැවැත්වෙමින් තිබූ Crocus City නාට්‍ය ශාලාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් 60ක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කැලෑ සටන් ඇඳුම් ඇඳගත් සන්නද්ධ පුද්ගලයින් තිදෙනෙකු වෙඩි තබමින් එම ශාලාවට ඇතුළ්වන අයුරු දැක්වෙන වීඩියෝ මේ වනවිට සමාජ මාධ්‍ය සංසරණය වේ.

ප්‍රහාරයෙන් විශාල පිරිසක් තුවාල ලබා තිබේ. ප්‍රදේශය කළු දුමාරයෙන් වැසී ගොස් ඇති අතර ගිලන් රථ 50ක් පමණ යොදවා ඇති බව වාර්තා වේ.

ත්‍රස්ත පිරිස් ප්‍රහාරය සඳහා, දැවැන්ත ගින්නක් ඇති කරමින් පුපුරණ ද්‍රව්‍ය විශාල වශයෙන් භාවිත කර ඇති බව රුසියානු ප්‍රවෘත්ති සේවා වාර්තා කරයි.

ත්‍රස්ත මර්දන විශේෂඥයින් පවසන්නේ රුසියාව සිය ප්‍රචාරණයේදී ජනාධිපති පුටින්ව නිතර විවේචනය කරන ISIS-K සංවිධානය මෙම ප්‍රහාරය පිටුපස සිටිය හැකි බවයි.

කෙසේ නමුත් රුසියාව මෙම ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අදහස් දක්වා නැත.

මේ අතර අමෙරිකාවේ ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත්තේ රුසියාවේ තත්වය පිළිබඳව වැඩිදුර සොයා බැලීමට කටයුතු කරන බවත් යුක්‍රේනය මෙම ත්‍රස්ත ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ය.


Top Stories
wedivistara

පිල්ලෙයාන් LTTE එකත් එක්ක හිටියා නම්, කොහේ හරි රටක පුරවැසිභාවයත් ලැබිලා, ඔහුව ජාතික සම්පතක් ලෙස බලාගන්න තිබ්බා - නාමල්

wedivistara

දැන් ගම්මන්පිල කියන විදියට, ප්‍රභාකරන්ව ඉවර කරලා රට එක්සේසත් කරලා තියෙන්නේ පිල්ලෙයාන් - හඳුන්නෙත්ති

wedivistara

සිරි දළදා වන්දනාව ජනපති සහභාගිත්වයෙන් ඇරඹෙයි

wedivistara

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් පහක් මරුට

wedivistara

සිරි දළදා වන්දනා​ව සඳහා ආරක්ෂාව සපයන පොලිස් නිලධාරීන්ට විශේෂ දීමනාවක්

wedivistara

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක් හේතුවෙන් රථ වාහන තදබදයක්

Trending
wedivistara

අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය පිළිබඳව රජය ගන්නා ක්‍රියාමාර්ග ගැන රට දැනුවත් කළ යුතුයි - රනිල්

wedivistara

හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය හෙට මහනුවරදී පැවැත්වෙයි

wedivistara

පිල්ලෙයාන්ගේ නීතිඥයා වෙලා තියෙන්නේ ගම්මන්පිල - නලින්ද ජයතිස්ස

wedivistara

2025 මුල් මාස තුනේ සංචාරක ඉපැයීම් ඩොලර් බිලියනය පසු කරයි

wedivistara

වාර්ෂිකව නව පිළිකා රෝගීන් 33,000 ක් වාර්තා වෙනවා - සෞඛ්‍ය ඇමති

wedivistara

ලක්ෂ 57කට අධික මුදලක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට


NEWS ALERT