International

හමාස් ප්‍රධානියා ඉරානයේ දී ඝාතනය වෙයි

Wednesday, 31 July 2024 - 11:14 am

හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨතම ප්‍රධානියා වන ඉස්මයිල් හනියා ව ඝාතනය කර තිබේ. ඒ, ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානයේ ප්‍රධානතම ආරක්ෂක හමුදා ඒකකය වන ස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය නිකුත් කළ නිවේදනයකින් හමාස් නායකයාගේ මරණය සනාථ කොට තිබේ.

ස්මයිල් හනියා ඉරානයේ ටෙහෙරාන් අගනුවරට පැමිණ ඇත්තේ, ඉරාන නව ජනාධිපතිවරයා දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගි වීම සඳහාය.

හමාස් ප්‍රධානියා රැඳී සිටි ස්ථානයට එකවර එල්ල වූ ප්‍රහාරයකින් ඔහු සහ ඔහුගේ ආරක්ෂකයෙකු එම ස්ථානයේදීම මියගිය බව ඉරාන ආරක්ෂක අංශය පවසයි.

මෙම ප්‍රහාරය ඊශ්‍රායල මොසාඩ් ඔත්තු සේවයේ ක්‍රියාවක් බවට ඉරාන රජය චෝදනා කරයි. එහෙත්, ඊශ්‍රායලය මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් මෙතෙක් දක්වා නොමැත.

62 හැවිරිදි හනියා 2007 වසරේ සිට ගාසා තීරය පාලනය කරන හමාස් දේශපාලන කාර්යාංශයේ ප්‍රධානියා විය. ඔහු කටාර් හි ජීවත් විය.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT