Business

රුපියලේ අද තත්ත්වය ගැන මහ බැංකුව මෙසේ කියයි

Monday, 02 September 2024 - 7:22 pm

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (02) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.78 ක් හා විකුණුම් මිල රු. 303.84 ක් ලෙසින් වාර්තා වී තිබේ.

ඩොලරයේ මධ්‍ය අගය අගය අද දිනයේ දී රු. 300 මට්ටමින් පහළට පැමිණ තිබීම විශේෂත්වයකි. ඒ අනුව අද දින ඩොලරයේ මධ්‍ය අගය වාර්තා වන්නේ රු. 299.60 ක් ලෙසයි. පසුගිය අගොස්තු 22 දිනෙන් පසු ඩොලරය රු. 300 මට්ටමින් පහළට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.

මේ අතර ශ්‍රී ලංකා රුපියල 2024 වසරේ අගෝස්තු මාසයේ දී විටින් විට ඇති වූ යම් අවප්‍රමාණය වීමේ පීඩනයන් මධ්‍යයේ වුවද අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2024 ජූලි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාව නිකුත් කරමින් විනිමය අනුපාතකයෙහි හැසිරීම සම්බන්ධයෙන් එහිදී මහ බැංකුව වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.

“2024 වසරේ අගෝස්තු මස 30 දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 7.9කින් අතිප්‍රමාණය විය. මේ අතර, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින්, 2024 වසරේ අගෝස්තු මස 30 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල යූරෝ, ස්ටර්ලින් පවුම, චීන යුවාන්, ජපන් යෙන්, ඉන්දියානු රුපියල සහ ඕස්ට්‍රේලියානු ඩොලරය වැනි අනෙකුත් ප්‍රධනා මුදල් වර්ගවලට සාපේක්ෂව අතිප්‍රමාණය විය.“


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT