Local

නීතිපතිවරයා ඉවත් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් පරාජයට පත් කිරීමට පසුබට වෙන්නේ නැහැ - නීති නිලධාරින්ගේ සංගමය

Friday, 14 February 2025 - 8:29 am

මෑත කාලීනව නීතිපතිවරයා සම්බන්ධයෙන් පැතිර යන වැරදි සහ නොමග යවන සුළු ප්‍රකාශ පිළිබඳව සිය සංගමය දැඩි කණස්සල්ල පළ කරන බව නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරින්ගේ සංගමය පවසනවා.

නඩුවක සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීම සඳහා නීතිපතිවරයා විසින් පසුගිය දිනක ලබා දී තිබූ නිර්දේශ නීතිපති දෙපාර්තමේන්තුවේ සම්ප්‍රදායට අනුකූලව සිදුකර ඇති බවයි නීති නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

අදාළ නිර්දේශ ලබාදීම සිදුකර ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් නිසි නීතිමය කරුණු සලකා බලා බැවින් එම තීරණය සම්බන්ධයෙන් සිය සංගමය උපරිම විශ්වාසය පළ කරන බවද නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුව ඉහළ සම්ප්‍රදායන්ට අනුකූලව ඔවුන්ගේ ස්වාධීන විනිශ්චය ක්‍රියාත්මක කර ඇති බැවින් නීතිපතිවරයා ධූරයෙන් ඉවත් කිරීමට ගන්නා ඕනෑම උත්සායකට එරෙහිව නැගී සිට පරාජයට පත් කිරීමට පසුබට නොවන බවයි නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරින්ගේ සංගමය වැඩිදුරටත් සදහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්. 

news images


Top Stories
wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

රට පුරා ත්‍රිපෝෂ නිෂ්පාදන අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමට සැලසුම්

wedivistara

බස් රථවල ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්!

wedivistara

කෝටි හතරක් පැහැරගත් මුදල් භාරකරුට වැඩ වරදී

wedivistara

2025 වස‍රේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 120.5 ක ආදායමක්

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

Trending
wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

සර්බියාවේ ජනාධිපතිට එරෙහිව විරෝධතා


NEWS ALERT