Sports

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් තරඟාවලියක් සඳහා අයර්ලන්තයේ සංචාරයක

Thursday, 01 August 2024 - 9:23 pm

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම T20I තරඟ දෙකකින් සහ ODI තරඟ තුනකින් සමන්විත තරඟ සංචාරයක් සඳහා 2024 අගෝස්තු මාසයේ මුල් සතියේ අයර්ලන්තයේ සංචාරය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) නිවේදනය කළේය.

වත්මන් ආසියානු ශූරයින් වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2024 අගෝස්තු 6 වන දින තරඟ සංචාරය සඳහා පිටත්ව යනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ එක්දින තරඟ ත්‍රිත්වය 2022 සිට 2025 දක්වා ICC කාන්තා ක්‍රිකට් ශූරතාවලියේ කොටසක් ලෙස පැවැත්වෙන බවයි.

මෙය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් අයර්ලන්තයේ සංචාරයක නිතර වන පළමු අවස්ථාවද වෙයි.

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර මේ දක්වා (2007 - 2023) එක්දින ජාත්‍යන්තර තරග 05ක් පැවැත් වී ඇති අතර, එම සියලුම තරග ශ්‍රී ලංකාව ජයගෙන ඇත.

එමෙන්ම දෙරට අතර මේ දක්වා (2009 - 2022) විස්සයි20 තරග 03ක්ද පැවැත්වී ඇති අතර, ඒ සියල්ලම ජයගෙන ඇත්තේද ශ්‍රී ලංකාවයි.

දෙරට අතර පළමුව විස්සයි20 තරගාවලිය පැවැත්වෙන අතර, එය මේ මස 11 හා 13 දිනවලදී ඩබ්ලින් හා බෙල්ෆාස්ට්හිදී පැවැත්වීමට නියමිතව ඇත.

ඉන් අනතුරුව එක්දින තරගාවලිය ආරම්භ වන අතර, එම තරග මේ මස 16, 18 හා 20 දිනවලදී පැවැත්වේ. මෙහි සියලුම තරග බෙල්ෆාස්ට්හිදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

එක්දින තරගාවලිය කණ්ඩායම් 10ක සහභාගිත්වයෙන් පැවැත්වෙන 2022-2025 අයි.සී.සී. කාන්තා ශූරතාවලිය යටතේද පැවැත්වේ.

මෙම අයි.සී.සී. කාන්තා ක්‍රිකට් ශූරතාවේ මේ දක්වා පැවැති තරග අනුව ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු සටහනේ 05වැනි ස්ථානය හිමිව ඇත.

ඔවුන් මේ දක්වා තරග 21කට ක්‍රීඩාකර ඉන් තරග 08ක් ජයගෙන ඇති අතර, තරග 09ක් පරාජය වී ඇත.
 
කෙසේ නමුත් අයර්ලන්ත කණ්ඩායම පසුවන්නේ මෙහි අවසන් ස්ථානයේය. මේ දක්වා තරග 12කට සහභාගි වී ඇති ඔවුන්, ඉන් තරග 10ක්ම පරාජය වී ඇත.


Top Stories
wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

රට පුරා ත්‍රිපෝෂ නිෂ්පාදන අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමට සැලසුම්

wedivistara

බස් රථවල ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්!

wedivistara

කෝටි හතරක් පැහැරගත් මුදල් භාරකරුට වැඩ වරදී

wedivistara

2025 වස‍රේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 120.5 ක ආදායමක්

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

Trending
wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

සර්බියාවේ ජනාධිපතිට එරෙහිව විරෝධතා


NEWS ALERT