International

ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය අද

Thursday, 12 June 2025 - 12:09 pm

ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය අදට (12) යෙදී තිබෙනවා.

මෙම වසරේ ළමා ශ්‍රමිකත්වයට එරෙහි දිනයේ තේමාව වන්නේ “සුරක්ෂිත නිරෝගී පරපුරක්” යන්නයි.

ළමයින් පාසල් හැරයන තත්ත්වයන් උද්ගතවීම, අඛණ්ඩව පාසල් නොයැවීම ආදිය තුළින් ළමා ශ්‍රමිකත්වය ඉහල යාමට හැකියාව ඇති බැවින් මෙම තත්වයන් අවම කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම නොපසුබටව ගන්නා බවයි නිවේදනයක් නිකුත් කරමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරන්නේ.

වයස අවුරුදු 16ට අඩු සෑම ළමයෙක්ම අනිවාර්ය අධ්‍යාපනය සඳහා යොමු කළ යුතු අතර, වයස අවුරුදු 16-18 අතර ළමයින්ගේ ජිවිතයට, සෞඛ්‍යයට, අධ්‍යාපනයට, සදාචාර වර්ධනයට අනතුරුදායි නොවන රැකියාවන් හි පමණක් ළමයින් යෙදවිය හැකි බවත්, ළමයින් අනාරක්ෂිත රැකියාවල හෝ රාත්‍රී සේවාවන් වල යෙදවිය නොහැකි බවත් එම නිවේදනය මගින් දක්වා තිබෙනවා. 

ළමයින් මෙහෙකාර සේවයට යොදවා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදක් බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අදාළ නිවේදනය පහතින්.‍news images


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT