International

බංග්ලාදේශ අරගලකරුවෝ අගවිනිසුරුත් ගෙදර යවති

Monday, 12 August 2024 - 10:06 pm

ශ්‍රේෂ්ඨාධිකරණය වට කළ ‘වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ' ව්‍යාපාරයේ ශිෂ්‍යයන් ඇතුළු විරෝධතාකරුවන්, පැයක් ඇතුළත ඉල්ලා අස් නොවුණහොත් විනිසුරුවරුන්ගේ නිවාසවලට ගිනි තබන බවට කළ තර්ජනය හමුවේ, බංග්ලාදේශ අගවිනිසුරු ඔබයිදුල් හසාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි නව අන්තර්වාර රජයේ නීතිය, යුක්තිය සහ පාර්ලිමේන්තු කටයුතු උපදේශක, මහාචාර්ය අසීෆ් නස්රුල් පෙරේදා (10) ප්‍රකාශ කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ල සහ අධිකරණ වාර්තා,උපරිමාධිකරණ භූමිය, විනිසුරුවරුන්ගේ නිවාස ආරක්ෂා කිරීමටත්, විනිසුරුවරුන් විරෝධත්‍යා කරු ව න් ගේ පහර කෑමට ලක්වීම වැළැක්වීමටත්, තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව පවසමින් අගවිනිසුරු ඔබයිදුල් හසාන් නිල වශයෙන් ඔහුගේ ඉල්ලා අස්වීම ලිපියක් මගින් යොමු කර ඇති බව මහාචාර්ය අසීෆ් නස්රුල් පැවැසුවේය.

එසේම, අභියාචනාධිකරණ විනිසුරුවරුන් 5 දෙනකු ද අගවිනිසුරුවරයා සමග ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි මහාචාර්ය නස්රුල් ප්‍රකාශ කළේය. අධිකරණයේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා තීරණයක් ගත යුතු බවත්, ‛වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ” ව්‍යාපාරයේ ශිෂ්‍යයන්ට ඇහුම්කන් දිය යුතු බවත්, අගවිනිසුරුවරයා ඉල්ලා අස්වීමට ප්‍රථම නිවේදනයක් නිකුත් කරමින් මහාචාර්ය නස්රුල් පවසා තිබිණි.අගවිනිසුරු ඔබයිදුල් හසාන් පෙරේදා (10) ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභි යා චනාධිකරණයේ සියලුම විනිසුරුවරුන්ගේ සහභාගිත්වයෙන් රැස්වීමක් කැඳවා තිබුණි.

එම රැස්වීම නව අන්තර්වාර රජයේ උපදේශනයක් ලබා නොගෙන කැඳවා තිබීම හේතුවෙන් එය අධිකරණය කුමන්ත්‍රණය කිරීමට සූදානම් වීමක් බවත්, අගවිනිසුරු හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට සහාය ලබා දෙන්නකු බවත් පැවැසූ ‛වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ” ව්‍යාපාරයේ ශිෂ්‍යයන් ඇතුළු විරෝධතාකරුවෝ සිය ගණනක් එදිනම පෙරවරු 10.30ට පමණ පා ගමනින් පැමිණ උපරිමාධිකරණ ගොඩනැගිල්ල වට කළහ.

එලෙස උපරිමාධිකරණ ගොඩනැගිල්ල වට කල විරෝධතාකරුවෝ අගවිනිසුරුවරයාට සහ අභියාචනාධිකරණ අංශයේ විනිසුරුවරුන් 5 දෙනකුට කුමන්ත්‍රණය කිරීමේ වගකීම භාර ගනිමින් ඉල්ලා අස්වන ලෙස එදිනම පස්වරු 1.30ට දැනුම් දුන් අතර, ඒ සඳහා පැයක කාලයක් ලබා දුන්හ. පැයක කාලය ඇතුළත ධුරයෙන් ඉල්ලා අස් නොවුණොත්, විනිසුරුවරුන්ගේ නිවාසවලට ගිනි තබන බවටත්, අධිකරණ වාර්තා විනාශ කර දමන බවටත් විරෝධතාකරුවෝ තර්ජනය කළහ.

උපරිමාධිකරණ ගොඩනැගිල්ල වට කිරීමට විරෝධතාකරුවන් පැමිණෙන බව දැනගැනීමත් සමග සංකීර්ණයෙන් උපරිමාධිකරණ වහාම ඉවත් වූ අගවිනිසුරුවරයා, රැස්වීම අවලංගු කිරීමට කටයුතු කළේය. අනතුරුව පස්වරු 2.00ට පමණ තමන් ඉල්ලා අස්වීමට සූදානම් බව අගවිනිසුරුවරයා නිල වශයෙන් දැනුම් දුන්නේය. එලෙස දැනුම් දීමත් සමග විරෝධතාකරුවන් රිමහාධිකරණ සංකීර්ණයෙන් ඉවත් වූ අතර, පසුව අධිකරණ අමාත්‍යාංශය හරහා සිය ඉල්ලා අස්වීම බංග්ලාදේශ ජනපති වෙත අගවිනිසුරු ඔබයිදුල් හසාන් යොමු කර තිබිණි.අගවිනිසුරු හසාන් ඉල්ලා අස්වීමත් සමග බංග්ලාදේශ නව අගවිනිසුරුවරයා ලෙස සයෙඩ් රෙෆාත් අහමඩ් පත් කිරීමට ජනපති මොහොමඩ් ෂහාබුදීන් කටයුතු කළේය.

එසේම,බංග්ලාදේශ බැංකු අධිපතිවරයා ද පෙරේදා (10) ඉල්ලා අස්වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. සෞඛ්‍ය හේතු මත තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව දන්වමින්, ඉල්ලා අස්වීමේ ලිපිය මහ බැංකු අධිපති අබ්දුර් රවුෆ් තලුක්දුර් මුදල් අමාත්‍යාංශය වෙත යොමු කර ඇතැයි ද බංග්ලාදේශ මාධ්‍ය සඳහන් කළේය. මහ බැංකු අධිපතිවරයාට සහ නියෝජ්‍ය අධිපතිවරුන්ට ධුරයෙන් ඉල්ලා අස්වීමට බල කරමින්, මහ බැංකු සේවකයෝ පසුගිය දා මහ බැංකු අධිපතිවරයාගේ කාර්යාලය වට කළහ. මහ බැංකුවේ අක්‍රමිකතා රැසක් සිදු වන බව ඔවුහු චෝදනා කළහ.
විමුක්ති එස්. රුද්‍රිගු


Top Stories
wedivistara

COVID රෝගය සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැහැ - සෞඛ්‍ය අමාත්‍යංශය

wedivistara

ජාවාරම්කාර කළු යාන්ත්‍රණය සම්පූර්ණයෙන් බිඳ දැමීමට කටයුතු කරනවා - ජනපති

wedivistara

කැකිරාව තේරීම් භාර නිලධාරියාට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කෙරේ

wedivistara

තලවාකැලේ - ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

හිටපු ඇමති නලීන් ප්‍රනාන්දුට වසර 25 ක සිර දඬුවම් නියම කෙරේ


NEWS ALERT