Local

ජනපතිගෙන් ’’කොප් 28’’ ට යෝජනා තුනක්

Monday, 27 November 2023 - 6:51 pm

ඩුබායි හි පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව හෙවත් “කොප් 28” (Cop 28) සමුළුව වෙනුවෙන් මෙවර විශේෂ යෝජනා තුනක් ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
ඉන් ප්‍රධානතම යෝජනාව වනුයේ දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලයක් (Climate Change university) මෙරට ඇති කිරීමයි. 
ඊට අමතරව දියුණු රටවල ක්‍රියාකාරකම් හේතුවෙන් අපහසුතාවයට පත්වන තුන්වන ලෝකයේ රටවල් වෙනුවෙන් දේශගුණික යුක්ති සංසදයක් (Climate Justice Forum) පිහිටුවීම හා නිවර්තන වැසි වනාන්තර වෙනුවෙන් සංසදයක් (Tropical Belt Forum) පිහිටුවීමේ යෝජනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 'කොප් 28' සමුළුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කොප් 28 සමුළුව රාජ්‍යයන් 54 ක නායකයන්ගේ සහභාගීත්වයෙන් ලබන 4 දා සිට ඩුබායිහි දී පැවැත්වෙන අතර එහි දී දේශගුණික විපර්යාස ගැන මෙන්ම ණය ස්ථායීකරණය ගැන අතිරේක සාකච්ඡා කිහිපයක් ද පැවැත්වීමට ද සැලසුම් කොට තිබේ.
 රාජ්‍ය නොවන සංවිධාන වල අනුග්‍රාහකත්වය යටතේ තරුණ තරුණියන් 20 ක් මෙම සමුළුවට සහභාගී වීමට නියමිත අතර ඔවුන් මෙම අතිරේක සාකච්ඡා වලට සහභාගී වීමට නියමිතය. 
රජය නියෝජනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විදේශ ඇමති අලි සබ්‍රි, විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර, පරිසර ඇමති කෙහෙළිය රඹුක්වැල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන, ජනාධිපති විදේශ කටයුතු අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ මහත්වරු ඇතුළු 15 ක පමණ දූත පිරිසක් ඊට  සහභාගී වෙති.
පෞද්ගලික අංශය නියෝජනය කරමින්  තවත් පිරිසක් තම වියදමෙන් මෙම සමුළුවට සහභාගී වීමට නියමිත බව දේශගුණික විපර්යාස පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 
අරගලයෙන් ඉල්ලා සිටියේ මෙලෙස තරුණ පිරිසට ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීම බවද රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT