International

ට්‍රම්ප් වැඩ භාරගන්නා තෙක් සිය නඩු කල් දමන්නැයි වොෂිංටන් කැරළිකරුවෝ ඉල්ලති

Wednesday, 13 November 2024 - 6:59 pm

නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධුරයේ වැඩ භාරගන්නා තෙක් තමන්ට එරෙහිව පවතින නඩු කල් දමන්නැයි 2021 වසරේ ජනවාරි 06 වැනිදා ට්‍රම්ප් ජනාධිපතිවරයා වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් අගනුවර කැරැල්ලක් ඇති කිරීමේ වරදට නඩු ගොනු වී ඇති චුදිතයන් රැසක් මධ්‍යම රජයේ විනිසුරුවරුන්ගෙන් ඉල්ලීම් කර ඇති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. මෙම තත්ත්වය යටතේ ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවට දැනටමත් වොෂිංටන් නගරයේ කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලට කඩා වැදී කලබල කිරීමේ වරදට පවරා ඇති නඩු සිය ගණනක් අවසන් කිරීමට බාධාවක් වී ඇති බව වාර්තා වී තිබේ.

සිවු වසරකට පෙර 2020 වසරේ නොවැම්බර් මාසයේ පැවති ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව බයිඩන් නොව එම මැතිවරණයෙන් ජයග්‍රහණය කර ඇත්තේ ට්‍රම්ප් බවට වැරදි සහගත ලෙස අනුමාන කරමින් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ආපස්සට හැරවීමේ අරමුණින් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් 2000ත් 2500ත් අතර පිරිසක් වොෂිංටන් අගනුවරට කඩා වැදී කැරැල්ලක් මෙහෙයවූ අතර මේ වන විට සිය ජනාධිපති ධුරයේ අවසන් අදියරයේ සිටින ජෝ බයිඩන් ජනාධිපතිවරයාගේ රජය බලයට පත් වූ පසු එම කැරැල්ලට සම්බන්ධ වූ විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන සිරගත කර තිබූ බව වාර්තා වේ. සිය ජනාධිපතිවරණ ව්‍යාපාරයේ රැස්වීම්වලදී නව ජනාධිපති ට්‍රම්ප් කියා සිට ඇත්තේ තමා බලයට පත් වූ විගස 2021 වොෂිංටන් කැරැල්ලට සම්බන්ධ වීම නිසා සිරගත කර ඇති හා නඩු පවරා ඇති සියලු දෙනා හට ජනාධිපති සමාව දෙන බවයි. ට්‍රම්ප් සිය මැතිවරණ රැස්වීම්වලදී චුදිත කැරළිකරුවන්ව හඳුන්වා දී තිබුණේ දේශ ප්‍රේමීන් හා දේශපාලන සිරකරුවන් ලෙසය.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT