Local

ප්‍රමිතගේ ඉල්ලීමට පත්වීම් 1600ක්…

Wednesday, 07 August 2024 - 9:27 am

මධ්‍යම පළාත් සභාව යටතේ පාලනය වන පාසල් වල ගුරු පුරප්පාඩු සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දීම සම්බන්දව ප්‍රමිත බන්ඩාර තෙන්නකෝන් විසින් ජනාධිපතිතුමා වෙත සිය ස්තුතිය ප්‍රකාශ කර ඇත.
මධ්‍යම පළාත් සභාවේ අනුමත ගුරුවරු සංඛ්‍යාව 33020 වන අතර ඉන් 6334 ක් පුරප්පාඩු පවතින බැවින් ඉන් සංවර්ධන නිලධාරීන් මඟින් පුරප්පාඩු 2078 වැඩ ආවරණය කරගැනීමට කටයුතු සම්පාදනය කර ඇත. මේ වන විට ගුරු විභාගයෙන් සමත් වු පිරිස බඳවා ගැනීමෙන් අනතුරුව ද තව දුරටත් 3534 ක ගුරු පුරප්පාඩු පවතින බව සඳහන් කල යුතුය.
තවද, මධ්‍යම පළාත් සභාව තුල පවතින මෙම තත්ත්වය දරුවන්ගේ අධ්‍යාපනයටත්, රටේ අනාගතයටත් සෘජු බලපෑමක් එල්ල කල හැකි ගැටලුවක් වන අතරම මධ්‍යම පළාත් සභාව මඟින් පැවැත්වූ ගුරු විභාගය සමත් වී ඇති සියලු උපාධිධාරීන්, ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට අනුමැතිය ලබා දෙන්නේ නම් බොහෝදුරට මෙම ගැටලුවට විසඳුමක් වන බව ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන්ගේ මතය වේ.
එතුමාගේ ඉල්ලීමකට අනුව මධ්‍යම පළාත් සභාව යටතේ පාලනය වන පාසල් වල ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට පැවති තරඟ විභාගයෙන්, සමත් වූ පිරිසෙන් පලමු අදියර සඳහා පත්වීම් 500 ට අනුමැතිය ලබාදුන් අතරම මෙහි දෙවැනි අදියරෙහි බඳවා ගැනීම් සඳහා පත්වීම් 1100 ට මේ වන විටත් අනුමැතිය ලැබී ඇත.
මධ්‍යම පළාත් සභාව යටතේ පාලනය වන පාසල් වල ගුරු පුරප්පාඩු සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දීම සම්බන්දව ජනාධිපතිතුමා හට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් විසින් ස්තුතිය ප්‍රකාශ කර සිටි අතර මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සඳහා සම්බන්දව ක්‍රියාකරනු ලැබූ මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමන්හට ස්තුතිය ප්‍රකාශ කර ඇත.
සිය ෆේස්බුක් ගිණුමේ පණිවුඩයක් තබමින් තෙන්නකෝන් මහතා මේබව සඳහන් කර තිබේ.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT