අප්‍රිකානු මහාද්වීපයේ දරුණු ලෙස ව්‍යාප්ත වූ වඳුරු උණ වසංගතය ආසියාවටත් පැතිරීමේ අවදානම ඉස්මතු කරමින් තායිලන්තයෙන් ආසාදිතයකු හඳුනා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට බෝවෙන රෝග නිවාරණ මධ්‍යස්ථානයට අනුව එම රෝගියා 66 හැවිරිදි යුරෝපීය ජාතිකයකු වන අතර, ඔහු පසුගිය 14 වැනිදා අප්‍රිකානු රටක සිට බැංකොක් නුවරට පැමිණ ඇති බව වාර්තා වේ.
ඔහුගේ රෝග ලක්ෂණ මතු වී ඇත්තේ ඊළඟ දිනයේදීම බවත්, රෝහල්ගත කිරිමෙන් පසු වඳුරු උණ ආසාදිතයකු බවට හෙළිවී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.