Business

යුනියන් ඇෂුවරන්ස් වෙතින් වාරික ගෙවීමේ පුළුල් විකල්ප ක්‍රම

Thursday, 01 August 2024 - 9:26 am

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සමාගම වන යුනියන් ඇෂුවරන්ස්, සිය පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ජීවිත රක්‍ෂණ ප්‍රතිපත්ති කළමනාකරණය කිරීමට සහ සමාගමේ විවිධ අංග, හවුල්කාර බැංකු සහ තුන් වන පාර්ශ්වයන් සම්බන්ධ කර ගනිමින් පුළුල් වාරික ගෙවීම් විකල්ප සමඟින් මූල්‍යමය වශයෙන් ආරක්‍ෂා වීම සඳහා අසමසම නම්‍යශීලී සේවාවක් පිරිනමයි.

Clicklife ජංගම ඇප් එක (Unionassurance.com/click-life-app) හරහා පාරිභෝගිකයින්ට පහසුවෙන් වාරික ගෙවීම් කළ හැකි අතර, සුහුරු මෙවලම් (smart devices) භාවිතයෙන් ඔවුන්ගේ ජීවිත රක්ෂණ ප්‍රතිපත්ති කළමනාකරණය කිරීමට ඉඩ සලසයි. Clicklife App යනු පාරිභෝගිකයින් අන්තර්ක්‍රියා කරන ආකාරය සහ ඔවුන්ගේ ජීවිත රක්ෂණ ප්‍රතිපත්ති කළමනාකරණය කරන ආකාරයේ විප්ලවීය වෙනසක් ඇති කරමින් රක්ෂණ ක්ෂේත්‍රය තුළ හඳුන්වා දුන් එවැනි ආකාරයේ ප්‍රථම යෙදුම වේ. මීට අමතරව, වාරික ගෙවීම් යුනියන් ඇෂුවරන්ස් ප්‍රධාන කාර්යාලයේදී, සමාගම් ශාඛාවලදී හෝ portal.unionassurance.com පාරිභෝගික ඔන්ලයින් ද්වාරය හරහා සහ ඍජු වාරික ගෙවීමේ ලින්ක් එක වන pay.unionassurance.com හරහා ද සිදු කළ හැකිය.

යුනියන් ඇෂුවරන්ස් සමාගම, ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව, DFCC බැංකුව, හැටන් නැෂනල් බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, NDB බැංකුව, මහජන බැංකුව, සම්පත් බැංකුව, සෙලාන් බැංකුව, ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව සහ යුනියන් බැංකුව යන ප්‍රමුඛ පෙළේ බැංකු 12ක් හරහා වාරික ගෙවීමට අවස්ථාව සැලසීමෙන් තවදුරටත් පහසුකම් පුළුල් කර තිබේ.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT