Business

ශ්‍රී ලංකාව 2030 දී කලාපීය AI කේන්ද්‍රස්ථානයක්

Wednesday, 28 August 2024 - 10:12 pm

රී ලංකාව දැනටමත් සිය ඩිජිටල් පරිවර්තන ගමන් මගෙහි සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගෙන ඇති නමුත්, ගෝලීය කෘත්‍රිම බුද්ධිය කෙරෙහි සැලකිය යුතු තරමේ බලපෑමක් ඇති කිරීමට හැකි වී නොමැත. කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය වැනි ප්‍රධාන ක්ෂේත්‍රයන් සඳහා කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමෙන් ඵලදායිතාව ඉහළ නැංවීමටත්, රාජ්‍ය සේවාවන් වැඩිදියුණු කිරීමටත් හැකියාව පවතී.
 
එමඟින්, තිරසර ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීම සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ප්‍රබල දායකත්වයක් සලසන අතර, කෘත්‍රිම බුද්ධියෙහි ප්‍රතිලාභ සමාජය පුරා සාධාරණව බෙදා හැරීමට අවස්ථාව සැලසෙනු ඇත.
 
කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය සහ භාවිතය තුළින් ඩිජිටල් වශයෙන් සවිබල ගැන්වූ ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණින් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ශ්‍රී ලංකාවේ ජාතික උපායමාර්ගය සකස් කරනු ලැබ තිබේ.
 
ඒ අනුව, 2030 වර්ෂය වන විට ශ්‍රී ලංකාව කෘත්‍රිම බුද්ධිය පිළිබඳ කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කිරීම සහ ගෝලීය තරගකාරිත්වය සහ ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම අපේක්ෂා කරනු ලබයි.
 
එකී අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සකස් කරනු ලැබ ඇති කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ශ්‍රී ලංකාවේ ජාතික උපායමාර්ගය ක්‍රියාත්මක කිරීම පිණිස තාක්ෂණ අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


Top Stories
wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

රට පුරා ත්‍රිපෝෂ නිෂ්පාදන අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමට සැලසුම්

wedivistara

බස් රථවල ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්!

wedivistara

කෝටි හතරක් පැහැරගත් මුදල් භාරකරුට වැඩ වරදී

wedivistara

2025 වස‍රේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 120.5 ක ආදායමක්

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

Trending
wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

සර්බියාවේ ජනාධිපතිට එරෙහිව විරෝධතා


NEWS ALERT