International

ඊශ්‍රායලයේ නවතම තත්ත්වය : යාවත් කාලින කිරීම්

Saturday, 14 June 2025 - 11:12 am

ඊයේ රාත්‍රිය පුරාම ඉරානයෙන් එල්ල කරන දල බැලස්ටික් මිසයිල ප්‍රහාරයන ගණනාවක් ටෙල් අවිව් හා ජෙරුසෙලම් අසන්න කලාපවලට එල්ල කරන ලදී. අප පදිංචි ටෙල් අවිව් උතුරු කලාපයේ හර්සීලියා ප්‍රදේශය වෙත එල්ලවූ මිසයිල ඊශ්‍රායිල් ගිවන් හමුදාව හා අයන් ඩෝම් පද්ධතිය මගින් විනාශ කරන විට බිත්ති දෙදරුම්කන අතර නිවාසයේ විදුරු සෙලවීම් දක්නට ලැබුනා. ප්‍රදේශ කීපයක් ගොඩනැගිලි හා වාහන ගිනිගැනීම් වාර්තාව වූ අතර තුවාල සිදුවීම් පනහකට අධික ව්බව වාර්තා විය. මේ අතරට කිසිඳු ශ්‍රී ල්ලන්කිකයෙකු අයත් බව වාර්තා නොවේ.
ඊශ්‍රායල ආරක්ෂක හවුදවන් ප්‍රකාශ කළ හදිසි තත්වය තවදුරටත් ක්‍රියාත්මක වේ. ටෙල් අවිව් ජාත්‍යන්තර ගුවන් තොටුපල හා ඊශ්‍රායිල් ගුවන් සීමාව තව දුරටත් වසා දමා තිබේ.
ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලය බලා පැමිණෙමින් සිටි ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් ඩුබායි ගුවන් තොටුපලේ රැදී සිටින අතර ඔවුන් වෙනුවෙන් ගුවන් ඩුබායි හි කොන්සල් ජනරාල් කාර්යාලය හා අබුඩාබි ගුවන් තොටුපලේ රැදුණු ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකු පිලිබඳ කටයුතු එහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සම්බන්ධීකරණය සිදු කෙරේ. ඔවුනට තාවකාලිකව රැදී සිටීමේ වීසා හා නවාතැන් පහසුකම් ලැබී ඇත.
දන ශ්‍රී ලංකාවේ නිවාඩු ගොස් සිටින සියලු දෙනා තම ගුවන් ගමන් බලපත්‍රයේ පිටපතක් හා නැවත ඊශ්‍රායලයට ඇතුලත් වීම සඳහා නිකුත් කර ඇති වීසා බලපත්‍රයේ පිටපතක් තානාපති කාර්යාලයට එවන මෙන් දන්වමි. එමගින් ඔවුන්ගේ Re -entry විසා කාලය දික් කරගැනීමට උපකාර කළ හැක.
තානාපති කාර්යාලයේ නිලධාරීන් පවතින තත්ත්වය පිළිබඳව විමසිල්ලෙන් සිටින අතර පවතින තත්ත්වය මත උපකාර අවශ්‍ය පිරිසට තානාපති කාර්යාලයේ නිලධරීන් ඇමතිය හැක.
නිමල් බණ්ඩාර
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT