International

ඉම්රාන් ඛාන්ගේ මීළඟ සැලසුම එළියට

Tuesday, 20 August 2024 - 9:02 am

පාකිස්තානයේ හිටපු අග්‍රමාත්‍ය සිරගතව සිටින ඉම්රාන් ඛාන් ලොව වඩාත් කීර්තිමත් විශ්වවිද්‍යාලයක් ලෙසින් සැලකෙන බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මීළඟ කුලපතිවරයා වීම සඳහා අයදුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ බව ඉම්රාන් ඛාන්ගේ දේශපාලන පක්ෂය වන ටේහ්රීක් -ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂය සිය  'X' ගිණුමෙන්ද තහවුරු කර ඇත.

එහි දැක්වෙන පරිදි පී.ටී.අයි. පක්ෂයේ ලන්ඩනයේ ප්‍රකාශක සයීඩ් සුල්ෆිකර් බුහාරි හරහා ඉම්රාන් ඛාන් තම අයදුම්පත විධිමත් ලෙස ඔක්ස්ෆර්ඩ් පාලනාධිකාරිය වෙත යොමුකර තිබේ.

ඒ අනුව ඔහු කුලපති ධුරයට පත් වුවහොත් එම විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට පත්වන ආසියානු සම්භවයක් ඇති පළමු පුද්ගලයා ඔහු වනු ඇත. 

ඉම්රාන් ඛාන්ද ඔක්ස්ෆර්ඩ් සරසවියේ ආදි විද්‍යාථියෙකු වෙයි.

එමෙන්ම පාකිස්තානයේ පළමු අගමැතිනිය වන බෙනාසීර් භූතෝ ඇතුළු පාකිස්තානයේ අගමැතිවරු හය දෙනෙක් සහ ජනාධිපතිවරු දෙදෙනෙකුද ඔක්ස්ෆර්ඩ් හි අධ්‍යාපනය ලබා ඇත.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වත්මන් කුලපති වන ක්‍රිස් පැටන් එළැඹෙන පෙබරවාරි මාසයේදී සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව පසුගියදා නිවේදනය කළේය.

 
 


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT