International

කේර‍ළයේ වයනාඩ්හි නායයාම් නිසා මරණ 123 ක්

Wednesday, 31 July 2024 - 9:01 am

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ධාරාණිපාත වර්ෂාවෙන් විශාල නායයෑම් ඇතිවීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 123 දෙනෙකු මියගොස් ඇති අතර සිය ගණනක් තවමත් සිරවී සිටින බවට සැක මතුව තිබේ.
අඟහරුවාදා අලුයම බොහෝ නිවැසියන් නිදා සිටියදී වයනාඩ් දිස්ත්‍රික්කයේ කඳුකර ප්‍රදේශයක නාය යාම සිදුවිය.අවම වශයෙන් මධ්‍යම රාත්‍රිය තුළ එම ප්‍රදේශයට නාය යෑම් තුනක් සිදුවී ඇති බව වාර්තා විය.
ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන නමුත් අධික වර්ෂාව සහ තීරණාත්මක ලෙස පාලමක් කඩා වැටීම හේතුවෙන් දිවිගලවාගැනීමේ මෙහෙයුමට බාධා එල්ල වෙමින් පවතී.
තවමත් හදිසි සේවාවලට ළඟාවිය නොහැකි ප්‍රදේශවල පුද්ගලයන් 100ක් පමණ සිරවී සිටින බැවින් ජීවිත හානි සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි බලධාරීහු බිය පළ කරති.
2018 වසරේ ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 400කට වැඩි පිරිසක් මිය ගිය පසු කේරළයට බලපෑ දරුණුතම ව්‍යසනය මෙම නායයෑම බව කිය‍ැවේ.
සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ කටයුතු සඳහා ආරක්ෂක අංශවලට සහය වීම සඳහා හමුදා නිලධාරීන් 200කට වැඩි පිරිසක් යොදවා ඇති බව නිලධාරීහු පවසති.
බටහිර ඝාට්ස් කඳු පන්තියට අයත් කඳුකර දිස්ත්‍රික්කයක් වන වයනාඩ් මෝසම් සමයේදී නායයෑම්වලට ගොදුරු වේ.
දිස්ත්‍රික්කයේ මුන්දක්කායි, අත්තමාල, චූරල්මල සහ කුන්හෝම් ඇතුළු ප්‍රදේශ කිහිපයකට නාය ගොස් ඇත.
සමාජ මාධ්‍යවල වීඩියෝ දර්ශන පෙන්නුම් කළේ මඩ සහිත ජලය වීදි සහ වනාන්තර ප්‍රදේශ හරහා ගලා යන අයුරුය.
චූරල්මල සිට මුන්දක්කායි සහ අත්තමල දක්වා යා කෙරෙන පාලමක් කඩා වැටී ඇති අතර, එම ස්ථාන දෙක හුදකලා වී ගලවා ගැනීමේ කාර්ය මණ්ඩලයට සිරවී සිටින පවුල් වෙත ළඟා වීමට අපහසු වී තිබේ.
ප්‍රාන්ත සහ ජාතික ආපදා සහන කණ්ඩායම් ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කරයි.


Top Stories
wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

දියවැලකට හසුවූ පුද්ගලයින් සිව්දෙනෙක් පොලිසිය විසින් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT