Local

මෙරට ඛනිජ තෙල් ක්ෂේත්‍රයට ඕස්ට්‍රේලියාවත්

Friday, 23 August 2024 - 8:42 am

මෙරට ඛනිජ තෙල් ක්ෂේත්‍රය සඳහා ඕස්ට්‍රේලියානු සමාගමක් වන යුනයිටඩ් පෙට්‍රෝලියම් ප්‍රයිවට් ලිමිටඩ්, සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ලබන 28 වනදා සිට එම සමාගම විසින් මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සමාගමේ ඉන්ධන නෞකා දැනටමත් මෙරටට පැමිණ ඇති අතර ඒවායේ ගොඩබෑම් කටයුතු ද මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඉන්ධන පිරවුම්හල් 20ක එම ඕස්ට්‍රේලියානු සමාගම විසින් සිය මෙහෙයුම් කටයුතු සිදු කෙරෙනු ඇති.

යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා පුද්ගලික සමාගම Ltd, ශ්‍රී ලංකා වෙළෙඳපොළට ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ අත්සන් කරන ලද ගිවිසුමේ කොටසක් ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමඟ පසුගිය ජුනි 4 වැනි දින ගිවිසුමකට එළඹ ඇති බව සඳහන්.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT