Local

ඡන්ද හිමි නාමලේඛණය සඳහා ලියාපදිංචිවීම මෙවර මාර්ගතගත ක්‍රමයට සිදු කෙරේ

Monday, 03 February 2025 - 8:15 pm

ඡන්ද හිමි නාමලේඛණය සඳහා ලියාපදිංචිවීම මෙවර මාර්ගතගත ක්‍රමයට සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මීට පෙර ග්‍රාම නිලධාරීන් ගෙයින් ගෙට ගොස් අදාළ ආකෘති පත්‍ර ලබාදීමට කටයුතු කළද මෙවර එවැන්නක් සිදු නොකරන බවයි නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ්අඩවියට පිවිස පරිගීලක ගිණුමක් සකස් කර එහි “පුරවැසියන් සඳහා” යන යොමුව මඟින් “මාර්ගත ලියාපදිංචිය” යන සේවාව වෙත පිවිසීමෙන් මහජනතාවට ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කර ගැනීම සඳහා ඉල්ලුම් කළ හැකි බවයි සඳහන් වෙන්නේ.

එසේම 2025.02.01 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ නොවන නමුත් ජාතික හැඳුනුම්පත හෝ හැඳුනුම්පතේ තොරතුරු තහවුරු කිරීමේ ලිපිය සහිත යොවුන් පුරවැසියන් හට “පුරවැසියන් සඳහා” යන යොමුවෙහි “යොවුන් පුරවැසියන් ලියාපදිංචි කිරීම” යන e සේවාව මඟින් පිවිසී ඉදිරි ඡන්ද හිමි නාමලේඛනයන් හි ලියාපදිංචිවීම සඳහා ඉල්ලුම් කළ හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු පහතින්. 

news images news images
 


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT