අන්තවාදී කණ්ඩායමක් මොස්කව් නුවරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් ඇතැයි රුසියාවේ අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා තිබේ. මේ අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ මොස්කව් නුවර පිහිටි යුදෙව් දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ල කිරීමට ඇෆ්ගනිස්තානු සම්භවයක් සහිත සුන්නි මුස්ලිම් ත්‍රස්තවාදියකු සිරමැදිරියක සිට කරනු ලැබූ සැලසුමක් රුසියානු හමුදාව විසින් ව්‍යර්ථ කිරීමෙන් පසුවය.
මොස්කව් නුවර අමෙරිකානු තානාපති කාර්යාලය එම ප්‍රහාරයේ ස්වභාවය පිළිබඳ වැඩිදුරටත් තොරතුරු සපයා නැති අතර, එරට සිටින අමෙරිකානුවන්ට වහා රටින් පිටවන ලෙස ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වේ. අමෙරිකානු වැසියන් මොස්කව් නුවර ඉදිරි පැය 48 ඇතුළත ජනතාව ඒකරාශී වන කිසිදු ස්ථානයක ගැවසීමෙන් වළකින ලෙසත්, විවිධ උත්සව සහ ආගමික පූජාවන් සඳහා සහභාගි වීමෙන් වළකින ලෙසත් සිය පුරවැසියන්ට මොස්කව් හි අමෙරිකානු තානාපති කාර්යාලය මගින් වැඩිදුරටත් උපදෙස් දී ඇතැයි වාර්තා වේ.