Local

අස්වැසුමට යළි අයදුම් පත් 15 දා සිට

Saturday, 10 February 2024 - 8:02 am

‘අස්වැසුම’ යෝජනා ක්‍රමය සඳහා නැවත අයදුම්පත්‍ කැඳවීම එළඹෙන 15 බ්‍රහස්පතින්දා සිට ක්‍රියාත්මක බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර දක්ෂිණ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳව සොයා බැලීමට ඊයේ (9) කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මාසයක කාලයක් පුරා නැවත අයදුම්පත්‍ර කැඳවීම සිදු කරන බවත්, ඒ පිළිබඳ පුළුල් ප්‍රචාරයක් දීමට කටයුතු කරන බවත් ඔහු මෙහිදී පැවසීය. ආර්ථික අර්බුදය හමුවේ අක්‍රිය ණය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අක්‍රිය ණය පවතිනුයේ රාජ්‍ය බැංකුවල පමණක් නොවන බවත්, එය 13%ක පමණ ප්‍රමාණයක් වන බවත් පැවසූ ඔහු මේ වන විට ස්ථාවර ආර්ථිකයක් රට තුළ පවතින අතර, රජයේ අවධානය ආර්ථික ක්‍රියාවලිය කඩිනම් කිරීම බව පැවසීය. එසේම මහා භාණ්ඩාගාරය සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන අනුරාධපුර දක්ෂිණ ප්‍රවාහන මධ්‍යස්ථානය සංවර්ධන කටයුතු අවසන් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය මඟින් රුපියල් බිලියන දෙකක මුදලක් වෙන් කර තිබේ.

අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංකා රජය සහ සංවර්ධන සඳහා වූ ප්‍රංශ නියෝජිත ආයතනය මූල්‍ය දායකත්වයෙන් ආරම්භ කරන ලද දක්ෂිණ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය රටේ පවතින මූල්‍ය අර්බුදය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබුණද, අත්‍යවශ්‍ය ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මේ සඳහා මූල්‍ය පහසුකම් සැලසීමට රජය කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.

බස් රථවල ගමන් කරන මගීන්ට මෙන්ම දුම්රිය ප්‍රවාහනය සඳහා යොමු වන මගීන්ටද පහසුකම් සලසාදීම වෙනුවෙන් එම දුම්රිය සහ බස්රථ ප්‍රවාහන සේවා ඒකාබද්ධ කිරීමේ ව්‍යාපෘතිය මේ වර්ෂයේ දෙසැම්බර් මාසය වන විට අවසන් කිරීම රජයේ අරමුණ බවද හෙතෙම සඳහන් කළේය.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT