Local

පක්ෂ නායකයා ට නොදන්වා ගත් ITAK තීරණය... සුමන්තිරන්ගේ ප්‍රකාශය පක්ශයේ මතය නෙවේ

Sunday, 01 September 2024 - 10:39 pm

ඉදිරි ජනාධිපතිවරණයෙ දී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි මධ්‍යම කාරක සභාව ගත් තීරණය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.

ඔහු පැවසුවේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (01) රැස් වූ අතර ඊට සහභාගීවීමට නොහැකි බව තමන් මීට පෙර දැනුම් දුන් බවයි.

එහෙත් මෙවර ජනාධිපතිවරණයේ දී පක්ෂය සහාය ලබා දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවශ්‍ය කරුණු සාකච්ඡා කරන ලෙසත් අවසන් තීරණයක් නොගන්නා ලෙසත් තමන් පක්ෂය දැනුවත් කර තිබූ බව මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජන සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දීමට අද පැවති මධ්‍ය කාරක සභාවේ දී  ඉලංගෙයි තමිල් අරසු කච්චි ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා මේ බව සඳහන් කර තිබේ.

එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ සිය පක්ෂය යම් අපේක්ෂකයෙකුට සහාය ලබා දෙන්නේ නම් එය සිදුකරන්නේ කුමන පදනමක් මත ද යන්න තීරණය කළ යුතු බවත් පක්ෂයේ නායකයා ලෙස තමන් එය දැනුම්වත් වියයුතු බවත් ය.

මධ්‍ය කාරක සභාව ගත් මෙම තීරණය ඒකපාර්ශ්විකව ගත් තීරණයක් බවත් එය පිළිබඳ තමන් දැනුම්වත් නොකර මාධ්‍යට පැවසීම සුදුසු ක්‍රියාවක් නොවන බවත් ඔහු පවසයි.

එහෙයින් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නිල තීරණයක් ලෙස මෙම තීරණය සැලකීමට හැකියාවක් නොමැති බවද සේනාධිරාජා මහතා පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම පක්ෂය ගත් පොදු තීරණයක් නොවේ යැයිද දෙතුන් දෙනෙකු විසින් ගත් පෞද්ගලික තීරණයක් යැයිද සේනාධිරාජා මහතා වැඩිදුරටත් කීවෙිය.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකයා ලෙස පත්කර ගත් එස්.ශ්‍රී ධරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.සී යෝගේශ්වරන්, ශ්‍රී නේෂන් මහත්වරුන් ඇතුළු ප්‍රධාන පෙළේ නායකයන් අදාල තීරණය ගත් රැස්වීමට සහභාගී වී නැතැයි ද මාවෙයි සේනාධිරාජා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය

මේ අතර, ඉලංගෙයි තමිල් අරසු කච්චි මහ ලේකම් පී. සත්‍යලිංගම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට ගත් තීරණය පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී ගත් ඒකාබද්ධ තීන්දුවක් බවය.

එම තීන්දුව පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා අද මාධ්‍යට පැවසු බවද එම නිවේදනයේ සඳහන් වේ.

මෙම තීන්දුව සම්බන්ධයෙන් පක්ෂයේ නායකයා ලෙස මාවෙයි සේනාධිරාජා මහතා මීට පෙර දැනුම්වත්ව සිටි බවත් අද මධ්‍යම කාරක සභාව රැස්වී සාකච්ඡා කළ වැඩිදුර කරුණු කාරණා පසුව ඔහුට පැවසීමට සිටි බවත් මහ ලේකම්වරයා වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් අද (01) පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ඉලංගෙයි තමිල් අරසු කච්චි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පැවසුවේ  ඉදිරි ජනාධිපතිවරණයේදි සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය  එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බවය.

එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද වව්නියාවේ දී රැස් වී පැය 5කට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන තිබුණි.





Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT