එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මේ වන විට යළි දැඩි වර්ෂාපතනයක් ඇද හැලෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අකුණු සැර සමඟ අධික වර්ෂාවක් පතිත වීම හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් ගමන් වාර රැසක් අවලංගු කර ඇතැයි ද, ගුවන් ගමන් වාර සීමා කර ඇතැයි ද වාර්තා වේ. ගංවතුර අවදානම් තත්ත්වය මත ජනතාවට නිවාසවලින් පිටතට නොපැමිණෙන ලෙස උපදෙස් ලබා දී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
පෙරේදා ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් එරට රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයටම නිවෙසේ සිට අන්තර්ජාලය ඔස්සේ සිය රැකියා කටයුතු සිදු කිරීමට ද උපදෙස් ලබා දී ඇති අතර, සියලුම පාසල්වලට නිවාඩු ලබා දීමට ද පියවර ගෙන තිබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මීට අමතරව උද්‍යාන හා වෙරළ තීරයන් වැනි පොදු විනෝදාත්මක ස්ථාන තාවකාලිකව වසා දැමීමට ද එමිරේට්ස් රජය පියවර ගෙන ඇතැයි වාර්තා වේ.