Local

ඉන්ධන මිල සංශෝධනයට ඇති බාධාව ගැන තෙල් සංස්ථාවෙන් හෙළිදරව්වක්

Tuesday, 05 November 2024 - 11:37 am

ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය හා සම්බන්ධ වෙනත් සමාගම් සමග එළැඹ ඇති ගිවිසුම් හේතුවෙන් මිල සංශෝධනයේදී ස්වාධීනව තීන්දු ගැනීමට නොහැකි වී ඇතැයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ඩී.ජේ රාජකරුණා මහතා අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා,

'මිල සූත්‍රයකින් තොරව ක්‍රියාත්මක වුණාම මිල දේශපාලන අවශ්‍යතාවය මත තීරණය කරනවා. එතකොට ඡන්දයක් එනකොට මිල අඩුකරනවා. ආපහු වෙනස් කරනවා. අවසාන ප්‍රතිඵලය බිලියන 03ක් යනතුරු ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව රජ්‍ය බංකුවලට ණය තිබුණා. මොකද ගෙනාපු මිලට වඩා අඩුවෙන් විකුණලා.' 

'ඊට පස්සේ මේ මිල සූත්‍රය හරියට ක්‍රියාත්මක වුණාට පස්සේ මම හිතන්නේ පසුගිය අවුරුද්දේ බිලියන 120ක ලාභයක් තිබුණා. මේ වෙනකොට බිලියන 27ක් පෙට්‍රෝලියම් එකට ලාබයක් තියෙනවා.' 

'එහි ප්‍රතිඵලයක් හැටියට දේශපාලනය මැදිහත් වෙලා මේක සාධාරණව ක්‍රියාත්මක නොකිරිම නිසා රටේ මතයක් ඇති වුණා පෙට්‍රෝලියම් එකට මේක කරගෙන යන්න බැහැ කියලා. අන්තිමට ඒ හින්දා වෙන සමාගම් ලංකාවට කැඳව්වා. දැන් ගැටලුව වෙලා තියෙන්නේ අපිට ස්වාධීනව කටයුතු කරන්න හැකියාවක් නැහැ. මේ වෙනකොට වෙන සමාගම් වෙළෙඳපොළේ ඉන්නවා. ඔවුන් එක්ක ගහපු මේ ගිවිසුම්වල හැටියට මේ මිල සූත්‍රයමයි 2022 ඉඳලා ඒ සමාගමුත් පාවිච්චි කරන්නේ.'

'අවසානයේ අමාත්‍යංශය සහ මුදල් අමාත්‍යංශය මැදිහත්වෙලා මේ මිල සූත්‍රයට අනුව මිලක් තීරණය කරනවා. ඒකෙන් තමයි මේ මාසේ මිල තීරණය වුණේ. එතකොට 95වල සූපර් ඩීසල්වල ලෝක වෙළෙඳපොළේ මිලට සාපේක්ෂව ගත්තොත් අඩුකරන්න හැකියාවක් තියෙන නිසා අඩුවෙලා තියෙනවා.' 

'ස්වාධීනව මේ මිල අපිට වෙන ඒවට දාලා සමහරවිට ඒවට අඩුකරන්නේ නැතුව අනිත් ඒවාගෙන් අඩු කර ගැනීමේ හැකියාව තිබුණා අනිත් සමාගම් නැතිනම්. දැන් තියෙන ගිවිසුම්වල හැටියට වැරදිලාවත් ඒ අයට පාඩුවක් වුණොත් සහ දැන් මේ ෆෝමියුලා එකේ එන මිලට වඩා ඒ අයගේ වියදම වැඩි වුණොත් අනිවාර්යෙන් රජය බැඳිලා ඉන්නවා ඒ අයට පාඩුව ගෙවන්න. එහෙම තමයි ගිවිසුමේ තියෙන්නේ. ඒකට අනුව අමාත්‍යංශයට Claim එවලා තියෙනවා. මාස තුනක් ඇතුළත රජය ඒ මුදල ගෙවන්න ඕනේ. අන්න එහෙම ලොකු ගැට ගැහිල්ලක් එක්ක තියෙන නිසා තමයි. ඇත්තටම අපිට මිල ඕනේ විදිහට වෙනස් කරගෙන යන්න බැරිවෙලා තියෙන්නේ.'


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT