International

ලන්ඩන් නුවර ගොඩනැඟිල්ලක් ගිනි ගනී

Tuesday, 27 August 2024 - 3:56 pm

එංගලන්තයේ නැඟෙනහිර ලන්ඩනයේ ඩාගින්හැම් ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක ඊයේ අලුයම විශාල ගින්නක් හටගෙන ඇති අතර, ගිනි නිවන හමුදා භටයන් 200කට අධික පිරිසක් එක්ව ගින්න මැඬ පැවැත්වීමට සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ අලුයම 2.44ට පමණ ලන්ඩන් නුවර ගිනි නිවන ඒකකයට ලැබුණු පළමු දුරකතන ඇමතුමටම ප්‍රතිචාර දක්වමින් මිනිත්තු 5ක් ඇතුළත එම ස්ථානයට ළඟා වූ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එම ගොඩනැඟිල්ලේ සිටි දරුවන් ඇතුළු 100කට වැඩි පිරිසක් වහා ඉවත් කර ඇතැයි ද වාර්තා වේ. මේ අනතුරින් පුද්ගලයන් සිව් දෙනකු සුළු තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.

මහල් අටකින් යුතු එම ගොඩනැඟිල්ලේ එක් කොටසක් මුළුමනින්ම විනාශ වී ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවත්, වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවත් ලන්ඩන් පොලිසිය ප්‍රකාශ කර තිබේ.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT