Local

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා පිළිබඳ එහි නියෝජිත කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව පිළිගත් විපක්ෂයේ පක්ෂ නායකයන්ට අවස්ථාව

Friday, 08 March 2024 - 3:49 pm

  • ඒ සඳහා වන සාකච්ඡාව 11 වන සඳුදා ජනාධිපති කාර්යාලයේ දී.
  • සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ ශ්‍රීධරන් යන මහත්වරුන්ට ආරාධනා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා පිළිබඳ එහි නියෝජිත කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව පිළිගත් විපක්ෂයේ පක්ෂ නායකයන් වෙත අවස්ථාව සලසා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබේ.

ඒ අනුව එළැඹෙන සඳුදා (11) ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, දෙමළ ජාතික සන්ධානයේ නායක සිවඥානම් ශ්‍රීධරන් යන මහත්වරුන්ට ආරාධනා කර තිබෙන අතර ඔවුන් සමඟ කැමති ඕනෑම අයෙකුට ද සහභාගිවීමට අවස්ථාව සලසා දී ඇත.

තවද පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාට ද මේ සඳහා සහභාගීවන ලෙස දැනුම් දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩපිළිවෙළෙහි යෝජනා සම්බන්ධව එහි නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව සළසා දෙන ලෙස පසුගියදා පාර්ලිමේන්තුවේ දී හර්ෂ ද සිල්වා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙතින් ඉල්ලීමක් කර තිබු අතර, රට යළි ගොඩනැගීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන සාර්ථකව ඉදිරියට ගෙනයා යුතු බවත්, ඒ සඳහා සියලු පක්ෂවල සාමුහික වගවීම අවශ්‍ය බවත් ජනාධිපතිවරයාගේ ද ස්ථාවරයයි.

මෙම සාකච්ඡාව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස් සමරතුංග යන මහත්වරුන්ද සහභාගී වීමට නියමිතය.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT