International

පාකිස්තානයේ හිටපු බුද්ධි අංශ ප්‍රධානි අත්අඩංගුවට

Wednesday, 14 August 2024 - 1:28 pm

පාකිස්තානයේ ජාතික බුද්ධි ඒජන්සියේ හිටපු ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ෆායිස් හමීඩ් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සමීපතම හිතවතකු බව කියන බුද්ධි ඒජන්සියේ හිටපු ප්‍රධානියා අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදී විමර්ශනයක් බව කියමින් 2017 වසරේදී එරට ප්‍රමුඛතම ව්‍යාපාරිකයකුගේ නිවෙස හා කාර්යාලය වටලා එහි තිබූ රත්රන් හා දියමන්ති ඇතුළු අධික වටිනාකමකින් යුතු භාණ්ඩ රැසක් නීති විරෝධීව රැගෙන යෑම සහ බලය අයුතු ලෙස භාවිත කිරීමේ චෝදනා හේතුවෙනි.

එවකට පාකිස්තානයේ හමුදාපති ධුරයට පත්වනු ඇතැයි ද අනාවැකි පළ වී තිබූ ලුතිනන් ජෙනරාල් ෆායිස් හමීඩ් මේ වන විට විශ්‍රාම ගොස් සිටියද, ඔහුට ඉදිරියේදී හමුදා අධිකරණය මඟින් දඬුවම් නියම කරනු ඇතැයි ද වාර්තා වේ. ඉම්රාන් ඛාන් අගමැති ධුරයේ සිටි 2019 සිට 2021 දක්වා කාලසීමාවේදී එරට ජාතික බුද්ධි ඒජන්සියේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ලුතිනන් ජෙනරාල්වරයා හමුදා සේවයෙන් විශ්‍රාම ගෙන ඇත්තේ 2022 වසරේ දෙසැම්බර් මාසයේදීය.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT