International

චීනයේ සංවර්ධනය තම රටට ආදර්ශයක් -පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා කියයි

Friday, 09 August 2024 - 9:02 am

චීනයේ සංවර්ධනය තම රටට ආදර්ශයක් සහ නව විසඳුම් සපයා දී ඇතැයි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහෙභාස් ෂරීෆ් පවසනවා.

ඉස්ලාමාබාද් අගනුවර අගමැති මන්දිරයේදී චීන මාධ්‍ය සමූහය සමග පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ තුන්වැනි පූර්ණ සැසිවාරය මහලේකම් ෂී ජින්පිං මහතාගේ දූරදර්ශී බව මනාව පිළිබිඹු කළ ඉතා සාර්ථක රැස්වීමක් බවයි පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ, චීන ජනතාව චීනය ලොව දෙවැනි විශාලතම ආර්ථික ඒකකය බවට පත් කර සමස්ත චීන ජනතාවට දරිද්‍රතාවයෙන් මිදී පොදු සමෘද්ධිය කරා ගමන් කිරීමට හැකි ප්‍රාතිහාර්යයක් නිර්මාණය කර ඇති අතර මේ සියල්ල දූරදර්ශී උපායමාර්ගික සැලසුම්වල ප්‍රතිඵලයක් බවට ෂෙහෙභාස් ෂරීෆ් විශ්වාසය පළ කර තිබෙනවා.

චීනයේ සංවර්ධනය තම රටට උදාහරණ සහ නව විසඳුම් සපයා දී ඇති අතර පාකිස්ථානය චීනයේ සංවර්ධන මාවත අනුගමනය කරමින් ස්වාධීන හා වේගවත් සංවර්ධනයක් අත්කර ගත යුතු බව හෙතෙම අවධාරණය කර ඇත්තේ.

චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝව “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළේ නියමු ව්‍යාපෘතියක් වන බව පෙන්වාදී ඇති පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා එයින් පාකිස්ථානයට විශාල ප්‍රතිලාභයක් ලැබී ඇති බව සඳහන් කර තිබෙනවා.

පාකිස්ථාන-චීන ආර්ථික කොරිඩෝවේ දෙවන අදියර ගොඩනැගීම ප්‍රයෝජනයට ගනිමින් ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බවයි ෂෙහෙභාස් ෂරීෆ් අදාළ සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත්තේ.

දෙපාර්ශ්වයේම ඒකාබද්ධ උත්සාහයන් සමග චීනය සහ පාකිස්ථානය ලෝකයේ සංවර්ධනය, සමෘද්ධිය හා සාමය පිළිබඳ ආදර්ශයක් බවට පත්වනු ඇති බවට තමන් විශ්වාස කරන බව ද පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT