International

බලුකිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරෙයි -යුද හමුදා සෙබළුන් 62ක් මරුට

Wednesday, 28 August 2024 - 11:21 am

දකුණු දිග පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ ප්‍රචණ්ඩ ක්‍රියා ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා එම ප්‍රාන්තයේ ක්වේටා – කරච්චි අධිවේගී මාර්ගයේ ස්ථාන දෙකකදී සිවිල් වැසියන් 40 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අමතරව පොලිස් ස්ථාන රැසකට අත්බෝම්බ හා වෙඩි ප්‍රහාරමාලාවක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් මේ ප්‍රහාරය සිදු කර ඇතැයි ප්‍රාන්ත පොලීසිය ප්‍රකාශ කර ඇති අතර, අධිවේගී මාර්ගයේදී සිවිල් වැසියන් ඝාතනය කිරීමේ වගකීම බාරගත් බලුකිස්තාන විමුක්ති හමුදාව පොලීසිවලට එල්ල වූ ප්‍රහාරවලට ද සම්බන්ධ බවට බලුකිස්තාන පොලිස් ප්‍රධානින් සැක පහළ කර ඇතැයි වාර්තා වේ. එම ප්‍රහාරමාලාව අතරතුරදීම පසුගිය ඉරිදා බලුකිස්තාන විමුක්ති හමුදාව එම ප්‍රාන්තයේ හමුදා මුරපොළවල් කිහිපයක් ඉලක්ක කරමින් දැවැන්ත ප්‍රහාරයක් සිදු කර ඇතැයි ද, ඉන් හමුදා සෙබළුන් 62 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT