International

තුර්කි ත්‍රස්ත ප්‍රහාරයෙන් 5ක් මරුට - 22කට තුවාල

Thursday, 24 October 2024 - 9:31 am

තුර්කියේ අන්කාරා අගනුවර ආසන්නයේ පිහිටි ගුවන් සේවා සමාගමක මූලස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් 22 දෙනෙකු තුවාල ලබා තිබේ.

කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු වශයෙන් ප්‍රහාරකයින් දෙදෙනෙකු විසින් මෙම ප්‍රහාරය සිදුකර ඇති බව සඳහන් වේ.

මෙම ප්‍රහාරයට බොහෝ දුරට සම්බන්ධ වී ඇත්තේ කුර්දි කැරලිකාර කණ්ඩායමක් වන PKK බව එරට බලධාරීන් පවසා තිබේ.

PKK ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තුර්කියේ, එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ තහනම් කර ඇති කැරලි කණ්ඩායමකි.

කෙසේවෙතත් ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැති බව විදෙස් වාර්තා පවසයි.

තුර්කි උප ජනාධිපතිවරයා පවසා ඇත්තේ මියගිය අයගෙන් හතර දෙනෙකු නිලධාරින් වන අතර අනෙක් පුද්ගලයා කුලී රථ රියදුරෙකු බවය.

ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රහාරකයන් පැමිණ ඇත්තේ එම කුලී රථ රියදුරුගේ කැබ් රථයෙන් බවත් එම අවස්ථාවේදී රියදුරාව ඝාතනය කර ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.

ප්‍රහාරය එල්ල කර ඇත්තේ ගුවන් සේවා සමාගම් මූලස්ථානයේ, වැඩමුරය වෙනස් වන වේලාවක වුවත් කාර්ය මණ්ඩලය ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට කටයුතු සිදුකර ඇති බව වාර්තා වේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ 22 දෙනා අතර ගුවන් සේවා සමාගමේ විශේෂ මෙහෙයුම් බළකා සාමාජිකයින් 07 දෙනෙකු ද සිටින බව තහවුරු කර තිබේ.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT