International

නීතිවිරෝධීව සතුන් ගෙනයෑමට උත්සාහ කළ ඉන්දියානුවෝ තායි ගුවන්තොටේදී කොටු වෙති

Friday, 08 March 2024 - 4:23 pm

ගමන් මලු අටක සත්තු වර්ග 13ක්
– රතු පැන්ඩාවකුත් ඒ අතර

තායිලන්තයේ සිට ඉන්දියාවට නීතිවිරෝධීව රැගෙන යෑමට උත්සාහ කළ වර්ග 13කට අයත් සතුන් 87ක් සහ ඉන්දීය ජාතිකයන් 6 දෙනකු ස්වර්ණභූමි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම සතුන් අතර දුර්ලභ වර්ගයේ රතු පැන්ඩාවකු, ටැමරින් වර්ගයට අයත් වඳුරකු, දුර්ලභ වර්ගයකට අයත් වලස් පැටවකු, විවිධ කටුසු වර්ග, රතු ඇස් සහිත ලේනුන්, මීයන්, විශාල හොටක් සහිත ගිරවුන් ඇතුළු කුරුල්ලන් සහ සර්ප වර්ග සිටි බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. සැකකරුවන්ගේ ගමන් මලු තුළ සඟවා තිබු භාජනවල එම සතුන් අසුරා තිබූ බවත්, ඉන්දියාවේ මුම්බායි නගරය වෙත රැගෙන යෑමට නියමිතව තිබූ බවත් රේගු නිලධාරින් අනාවරණය කරගත් බව ද වාර්තා වේ.

වේවැලින් තනන ලද විශාල කූඩයක රතු පැන්ඩා සිටි බවත්, ප්ලාස්ටික් බඳුනක ටැමරින් වඳුරා සිර කර තිබූ බවත් රේගු නිලධාරින් මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ. සැකකරුවන්ගේ ඇඳුම් බෑග් තුළ අසුරා තිබූ ප්ලාස්ටික් ආහාර බඳුන්වල සර්පයන් 21ක් සොයා ගෙන ඇති අතර, විවිධ වර්ගවලට අයත් කුරුල්ලන් 15 ක්ද ඒ අතර සිටි බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව නඩු පැවැරීමට නියමිත අතර, වරදකරුවන් බවට පත්වුවහොත් අවම වශයෙන් වසර 10ක සිර දඩුවම් නියමවනු ඇතැයි ද වාර්තා වේ.


Top Stories
wedivistara

ජොන්ස්ටන්ට එරෙහි ස‌තොස නඩුව යළි කැඳවීමට දින දෙයි

wedivistara

ත්‍රිපෝෂ නිෂ්පාදනයට බඩඉරිඟු ආනයනයට අනුමැතිය

wedivistara

කොටස් වෙළඳපොළ ඉතිහාසගත ඉහළ යෑමක්

wedivistara

අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය සඳහා කාර්ය සාධක බලකායක්

wedivistara

රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයට නව ඒකකයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය

wedivistara

විදුලිබල මණ්ඩලයට නව සභාපතිවරයෙක් පත් කෙරේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

හදිසි ආපදා තත්ත්වයකදී 117 අමතන්න

wedivistara

ඊශ්‍රායලය ගාසා යුද්ධය වෙනතකට හරවා ඇතැයි යුරෝපා සංගමයෙන් චෝදනා


NEWS ALERT