Local

මැද පෙරදිග තත්ත්වය පිළිබඳ විදේශ ඇමතිගෙන් සහතිකයක්

Thursday, 01 August 2024 - 8:19 pm

මැද පෙරදිග මතු වී ඇති තත්ත්වය අර්බුදයක් දක්වා දුරදිග ගියහොත් ඊට මුහුණ දීමට පූර්ව සූදානමක් වශයෙන් විශේෂ කමිටු තුනක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ තීරණය ඉතා කාලෝචිත ක්‍රියාවක් බව විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසනවා.

ජාත්‍යන්තර වශයෙන් සිදුවන ක්‍රියාකාරකම් පාලනය කළ නොහැකි වුවත් එය හේතුවක් කරගෙන රටක් කඩාවැටෙන තෙක් බලා සිටිය යුතු නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා මතු විය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බවද මෙහිදී පෙන්වාදී ඇති බව සඳහන්.

විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

ශ්‍රී ලංකාව තවත් වෙනිසියුලාවක් වීමට ඉඩ නොදී ආර්ථික වශයෙන් ස්ථාවර තත්ත්වයකට පත් කිරීමට හැකි වූයේ ජනාධිපතිවරයාගේ දුරදක්නා තීන්දු තීරණ හේතූ වූ බවත්, එම නිසා රට ගොඩනැඟීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට පක්ෂ දේශපාලනය පසෙක තබා සහාය දීම සියලු දෙනාගේ වගකීම බවයි ඒ මහතා අවධාරණය කළේ.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT