Local

කේ. අයි. යූ. විශ්වවිද්‍යාලය සම්බන්ධ ගැටලුව ඉදිරි සති දෙක තුළදී විසඳනවා

Friday, 08 March 2024 - 8:31 am

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී කේ. අයි. යූ. විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුව ඉදිරි සති දෙක තුළදී විසඳන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත පාර්ලිමේන්තුවේදී (07) ප්‍රකාශ කළේය.

කේ. අයි. යූ විශ්වවිද්‍යාලයට පොලී රහිත ණය මුදල ලබා දීම ඇතැම් රාජ්‍ය බැංකු මඟහරින බව කියමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස (07) පාර්ලිමේන්තුවේ දී යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන ඇමැතිවරයා මේ බව පැවැසීය.

තවදුරටත් ඇමැතිවරයා මෙසේ ද පැවැසීය.

‘පළමු සහ දෙවැනි කණ්ඩායම්වල සිසුන් මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් නව කණ්ඩායම් සඳහා මුදල් ලබා දීමේ ප්‍රමාදයක් සිදු වී තිබෙනවා. එම රාජ්‍ය බැංකු සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණා. ණය ආපසු ගෙවීම මඟහැරි සිසුන් 194 දෙනෙකුගේ ණය මුදල් නැවත අය කර ගැනීමේ පදනම මත මහා භාණ්ඩාගාරය ගෙවීමට එකඟ වී තිබෙනවා. සිසුන්ගේ අධ්‍යයන කටයුතු අතරමඟ නතර කිරීමට ඉඩ දෙන්නේ නැහැ. කේ. අයි. යූ. විශ්වවිද්‍යාලයට පාඨමාලා ආරම්භ කරන ලෙස උපදෙස් ලබා දුන්නා.’


Top Stories
wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

රට පුරා ත්‍රිපෝෂ නිෂ්පාදන අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමට සැලසුම්

wedivistara

බස් රථවල ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්!

wedivistara

කෝටි හතරක් පැහැරගත් මුදල් භාරකරුට වැඩ වරදී

wedivistara

2025 වස‍රේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 120.5 ක ආදායමක්

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

Trending
wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

සර්බියාවේ ජනාධිපතිට එරෙහිව විරෝධතා


NEWS ALERT