මානුෂීය ආධාර වැඩි වශයෙන් සැපැයීම සඳහා ගාසා තීරයේ තාවකාලික වරායක් ඉදි කරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම වරාය ඉදි කිරීමෙන් පසු ගාසා තීරයේ අවතැන් වූ පලස්තීන ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයෙන් දෛනිකව සැපැයීමට හැකියාව ලැබෙනු ඇතැයි ගාසා තීරයේ නිලධාරින් අපේක්ෂා කරන බව ද වාර්තා වේ.
පසුගියදා අමෙරිකානු හමුදාව ගාසා තීරයට ගුවනින් ආහාර මලු විශාල සංඛ්‍යාවක් සපයා තිබූ අතර, වර්තමානයේ ගාසා තීරයේ උද්ගත වී ඇති තත්ත්වය ඉතා බරපතළ බව පිළිගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. අමෙරිකාව විසින් ඉදි කිරිමට යෝජිත ගාසා තීරයේ තාවකාලික වරායේ වැඩකටයුතු එරට යුද හමුදාව මගින් සිදුවනු ඇතැයි ද වාර්තා වේ. කෙසේ වුවද ගාසා තීරයේ අමෙරිකානු හමුදා කඳවුරක් ගොඩ නැඟීමේ අරමුණක් නැති බවත් ජෝ බයිඩ්න් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.