Local

ශ්‍රී ලංකාවේ සමාගමක් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට පළමු වරට පානීය ජලය අපනයනය කරයි

Wednesday, 10 April 2024 - 8:15 am

මෙරට ප්‍රමුඛ පෙළේ පානීය ජල බෝතල් ඇසුරුම් සමාගමක් වන Orzone Mineral Water Exports පෞද්ගලික සමාගම මිලිලීටර් 600 පානීය ජල බෝතල් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට අපනයනය කළ පළමු ශ්‍රී ලාංකික සමාගම බවට පත් වේ. සිඩ්නි නගරයට මිලිලීටර් 600 පානීය ජල බෝතල් මිලියනයක් සැපයීම සඳහා ඔවුන්ට මෑතකදී ලැබුණු ඇණැවුමක ආරම්භක අදියර ලෙස මිලි ලීටර් 600 පානීය ජල බෝතල් අඩංගු බහාලුමක් මෙලෙස පසුගියදා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට නැව් ගත කරන ලදී. එම සමාගම මීට වසර 30කට පමණ පෙර ජල බෝතල් අපනයනය ඇරඹීය. ඔවුන් ඕස්ට්‍රේලියාවට ජල බෝතල් අපනයනය ඇරඹුවේ සිය ව්‍යාපාර වපසරිය පුළුල් කිරීමේ අරමුණෙනි.

සෞඛ්‍යාරක්ෂිත ලෙස ජලය බෝතල් කිරීම, ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුව ජල බෝතල් ඇසුරුම් කිරීම සහ නවීන තාක්ෂණය යොදා ගැනීම වැනි හේතු නිසා Orzone පානීය ජල බෝතල් සඳහා විශාල ජාත්‍යන්තර ඉල්ලුමක් ඇත. පසුගිය කාලය පුරා නියමිත වේලාවට ඇණැවුම් සපයා ඇති එම සමාගම ජාත්‍යන්තර පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා තිබේ. සිය විශිෂ්ටත්වය තහවුරු කරමින් Orzone Mineral Water Exports සමාගම සම්මාන උළෙල කිහිපයකදී සම්මාන දිනා ඇත. කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හා ඌව පළාත් වාණිජ මණ්ඩලය සංවිධානය කළ ඌව අභිමානී සම්මාන උළෙල ඒ අතරින් ප්‍රධාන වන අතර ඔවුන් දිනූ සම්මාන අතරට රන් සම්මාන දෙකක් සහ විශිෂ්ටම අපනයනකරු සම්මානය අයත් වේ. “ලොව පුරා සිටින පාරිභෝගිකයන් සහ කැපවීමෙන් කටයුතු කරන කාර්ය මණ්ඩලය නිසා අඛණ්ඩ සාර්ථකත්වයක් ලැබීමට අපට හැකි වුණා. නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම අපගේ ප්‍රධාන ඉලක්කය වන අතර ඊට අදාළ සැළසුම් මේ වන විටත් සකසා තිබෙනවා. ඒ හරහා අපනයන පරාසය පුළුල් කරමින් රටේ විදේශ විනිමය සංචිත ශක්තිමත් කරන්න අපට හැකියාව ලැබේවි.” Orzone සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය උපුල් බී. සෙනරත් පැවසීය.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT