Business

මෙම වසරේ පළමු මාස හයේ අමෙරිකානු ඩොලර් බිලියන 09ක අපනයන ආදායමක්

Thursday, 22 August 2024 - 9:56 am

2024 පළමු මාස 06 තුළ අමෙරිකානු ඩොලර් බිලියන 09ක අපනයන ආදායමක් ලබා ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

එමෙන්ම මෙම වසරේ ගතවුණු මාස හය තුළ අමෙරිකානු ඩොලර් බිලියන නවයක අපනයන ආදායමක් ලබා ඇති බවයි ඔහු පැවසුවේ.

‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව ප්‍රකාශ කළා.

මේ අතර පසුගිය මාස හයක කාලයක තුළ ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් මිලියන 800ක පමණ ආයෝජන සඳහා ගිවිසුම්ගත වී ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් ආයෝජන කලාප 15ක් සඳහා පහසුකම් සපයන අතර එම ආයෝජන කලාපවල සමාගම් 1575ක් මේ වන විට මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන බව එහිදී අනාවරණය වී තිබෙනවා.

ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක් මෙම ආයෝජන කලාප තුළ රැකියා සිදු කරන බව පෙන්වාදුන් රාජ්‍ය අමාත්‍යවරයා වත්මන් රජයේ නව ආයෝජන වැඩසටහන යටතේ මාන්කුළම්, පරන්තන්, කන්කසන්තුරේ, ත්‍රිකුණාමලය, ඉරණවිල, හම්බන්තොට හා බිංගිරිය යන ප්‍රදේශ ආශ්‍රිතව නව ආයෝජන කලාප හතක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවයි ප්‍රකාශ කර ඇත්තේ.


Top Stories
wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

රට පුරා ත්‍රිපෝෂ නිෂ්පාදන අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමට සැලසුම්

wedivistara

බස් රථවල ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්!

wedivistara

කෝටි හතරක් පැහැරගත් මුදල් භාරකරුට වැඩ වරදී

wedivistara

2025 වස‍රේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 120.5 ක ආදායමක්

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

Trending
wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

සර්බියාවේ ජනාධිපතිට එරෙහිව විරෝධතා


NEWS ALERT