International

කමලා හැරිස් අමාරුවේ දාන්න ට්‍රම්ප් බැදපු අල තීරු විකුණයි

Tuesday, 22 October 2024 - 10:27 am

ඇමරිකානු ජනාධිපති අපේක්ෂකයකු මෙන්ම හිටපු ඇමරිකානු ජනාධිපතිවරයකු ද වන ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂිකාව වන උප ජනාධිපතිනි කමලා හැරිස්ව කලබලයට හා අපහසුවට පත් කිරීමේ අරමුණින් පෙරේදා (20දා) පිලඩෙල්පියා නගරයේ පිහිටි කෙටි ආහාර අලෙවි කරන අවන්හලකට ගොස් ‘ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්’ යනුවෙන් හැඳින්වෙන බදින ලද අල තීරු පාරිභෝගිකයන්ට පිළිගන්වා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. උප ජනාධිපතිනි කමලා හැරිස් තරුණ වියේදී කෙටි ආහාර අලෙවි කරන අවන්හල් ජාලයක් වන මැක්ඩොනල්ඩ්ස් අවන්හලක සේවය කළ බව පවසා තිබීම හේතුවෙන් ඇයව උපහාසයට පත් කිරීමේ අරමුණින් මෙම කෙටි ආහාර පිළිගැන්වීම ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබේ.

පිලඩෙල්පියා නගරයේ ෆෙස්ටවිල් ප්‍රදේශයේ පිහිටා ඇති හිටපු ජනාධිපති ට්‍රම්ප් විසින් අදාළ ආහාර පිළිගැන්වීම සිදු කර ඇති මැක්ඩොනල්ඩ්ස් අවන්හල සාමාන්‍යයෙන් ඉරිදා දිනවල වසා තැබෙන අතර ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා අදාළ ආහාර පිළිගැන්වීම සිදු කිරීමට ඉකුත් ඉරිදා දින විවෘත කර ඇති බව වාර්තා වේ. මෙහිදී එම මැක්ඩොනල්ඩ්ස් අවන්හලේ පාලනාධිකාරිය මෙන්ම ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය විසින් එදින ‘ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්’ පිළිගැන්වීම සඳහා පාරිභෝගිකයන් පිරිසක් තෝරාගෙන ඔවුන්ව දැඩි ලෙස පරීක්ෂා කිරීමෙන් පසු අවන්හලට ඇතුළත් කරගෙන ඇති බව ඇමරිකානු මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. අවන්හලට ඇතුළත් කරගෙන ඇති පාරිභෝගිකයන් පිරිස පැමිණි වාහනද දැඩි ලෙස පරික්ෂා කර ඇති බව වාර්තා වී තිබේ. මෙහිදී හිටපු ජනපති ට්‍රම්ප් විසින් උප ජනාධිපතිනි හැරිස් ට යැයි පවසමින් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් පැකට්ටු සඳහා ගම්මිරිස් කුඩු ඉස ප්‍රදර්ශනය කර ඇති අතර ‘උප ජනාධිපතිනි හැරිස් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් තැනූ බවත් එහිදී දැඩි උණුසුමක් පැවති ආකාරයත් පවසා තිබුණා. එය අසීරු කාර්යයක්, ඇය කිසි විටකත් කියන අයුරින් මැක්ඩොනල්ඩ්ස් අවන්හලක සේවය කර නැහැ’ යැයි ඔහු පවසා තිබේ. මේ අතර සිය ප්‍රතිවාදියා වන ට්‍රම්ප්ගේ පුද්ගලික ප්‍රහාරයන් සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති උප ජනාධිපතිනි කමලා හැරිස් ට්‍රම්ප් එම ප්‍රහාර හරහා ඇමරිකානු ජනාධිපති ධුරය හෑල්ලු කර ඇතැයි පවසා තිබේ.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT