Local

පාසල් 35කට හෙටත් නිවාඩු

Tuesday, 06 May 2025 - 6:27 pm

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් හෙට (07) දිනයේදී ද දිස්ත්‍රික්ක 20ක පාසල් 35ක් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ රාජකීය විද්‍යාලය, ගම්හප දිස්ත්‍රික්කයේ නිට්ටඹුව ශ්‍රී සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලය, වේයන්ගොඩ පත්තලගෙදර සියනෑ ජාතික විද්‍යා පීඨය, විද්‍යාලෝක මහා විද්‍යාලය හෙට (07) දිනද වසා තැබේ.

කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය, මියුසියස් විද්‍යාලය, වේලාපුර මහා විද්‍යාලය වසා තැබෙන අතර මහනුවර ශාන්ත සිල්වෙත්සතර විද්‍යාලය එහි ප්‍රාථමික අංශය, ශ්‍රී සුමංගල විද්‍යාලය වසා තැබේ. එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රිස්තුදේව ජාතික පාසල, පාක්‍යම් ජාතික පාසල වසා තැබෙන අතර නුවරඑළිය ගාමිණි ජාතික පාසල වසා තබයි. ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකාව, මාතර සර්වේසස් විද්‍යාලය සහ මහාමායා බාලිකා විදුහල වසා තැබේ. යාපනය මධ්‍ය මහා විදුහල සහ මඩකළපුව දිස්ත්‍රික්කයේ හින්දු විද්‍යාලය, අම්පාර හාඩි කාර්මික විද්‍යාලය, ත්‍රිකුණාමලයේ විපුලානන්ද විද්‍යාලයද මෙදින වසා තැබෙනු ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මලියදේව පිරිමි විද්‍යාලය, මලියදේව බාලිකා විද්‍යාලය, ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය, තාක්ෂණ විද්‍යාලය මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ ශාන්ත ඇන්ඩෘ මධ්‍ය මහා විදුහල. ආනන්ද ජාතික පාසල, සහීරා ජාතික පාසල ද වසා තැබේ. අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විදුහල, බදුල්ල මධ්‍ය මහා විදුහල සහ ධර්මදූත මහා විදුහල, මොනරාගල රාජකීය ජාතික පාසල, රත්නපුර කුමාර විද්‍යාලය, කෑගල්ල කෑගලු බාලිකා විද්‍යාලය, ස්වර්ණජයන්ති මහා විද්‍යාලය වසා තැබෙනු ඇත.

අනෙකුත් සියලුම පාසල් හෙට (07) දිනයේ සාමාන්‍ය පරිදි පැවැත්වෙන අතර එම පාසල්වලට ඊයේ (05) සහ අද (06) දින නිවාඩු ලබා දී තිබේ.


Top Stories
wedivistara

සෙවණගල සීනි කර්මාන්තශාලාව ගැන රජයෙන් දුන් සහතිකය

wedivistara

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 10,000ක් පීඩාවට

wedivistara

වසර දෙකකට පසු පොසොන් උත්සවය සඳහා රජයේ පූර්ණ අනුග්‍රහය

wedivistara

දේශීය ඖෂධ නිෂ්පාදනය දිරිගැන්වීමට රජයෙන් සහය

wedivistara

කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටී 04 දෙනෙකු රෝහලේ

wedivistara

මිලියන 167,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT