International

මකුණන් රටට ඇතුළු වීම වැළැක්වීමට කොරියාවෙන් ගුවන්තොටුපොළේදීම පියවර -පැරීසියේ සිට පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගමන්මලු පරීක්ෂාවට සුනඛයෙක්

Wednesday, 14 August 2024 - 1:26 pm

ඔලිම්පික් ක්‍රීඩා උලෙළට පැරිස් නුවර ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්, නිලධාරින් සහ ක්‍රීඩාලෝලීන් නැවත පැමිණෙන විට මකුණන් වැනි කෘමීන් රටට ඇතුළු වීම අවම කිරීම සඳහා දකුණු කොරියානු රජය ඉන්චියොන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මකුණන් හඳුනා ගැනීමට විශේෂයෙන් පුහුණු වූ සුනඛයකු යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට ආරක්ෂක සහ ප්‍රවාහන අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව කටයුතු කරන පෞද්ගලික සමාගමකට අයත් බීගල් වර්ගයේ එම සුනඛයා සෙකෝ නමින් හඳුන්වනු ලබන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

එරට කෘමීන් පාලනය සම්බන්ධ සමාගමක් වන සෙස්කෝ සමාගම ප්‍රකාශ කර ඇත්තේ මකුණන් විසින් නිකුත් කරනු ලබන රසායනික ද්‍රව්‍යයක් වන ෆෙරමෝනවල ගන්ධය හඳුනා ගැනීමට සෙකෝට කදිම ඉවක් ඇති බවය. එමෙන්ම මෙවැනි කාර්යයකට දකුණු කොරියාවේ පුහුණු කරනු ලැබූ පළමු හා එකම සුනඛයා ද සෙකෝ බව එම සමාගම සඳහන් කර තිබේ.

රටවල් විශාල සංඛ්‍යාවකින් සංචාරකයන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්රොක් වන ගෝලීය ක්‍රීඩා ඉසව්වක් වන ඔලිම්පික් ක්‍රීඩා උලෙළ මකුණන් වැනි කෘමීන් පැතිරීමට ඉඩකඩ ඇති බැවින්, එවැනි උවදුරු සිය රට තුළට ඇතුළු වීම වැළැක්වීම සඳහා එම පියවර ගත් බව දකුණු කොරියානු රජය නිවේදනය කර ඇතැයි ද වාර්තා වේ.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT