Local

තරුණ සේවා සභාවේ මිලියන 323 ක් ප්‍රසංගයකට වියදම් කරලා - එරංග ගුණසේකර

Thursday, 09 January 2025 - 8:00 am

ජාතික තරුණ සේවා සභාව මගින් පැවැත් වූ Smart Youth Night ප්‍රදර්ශන සහ ප්‍රසංග මාලාවේ දී සිදුවී ඇති මූල්‍ය වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසනවා.

මේ වනවිට විගණන වාර්තාවක් මගින් සහ තවත් තොරතුරු මත පදනම්ව මෙම පරීක්ෂණ කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

සැලසුම්කරණයේ දී සිදුව ඇති අක්‍රමිකතා, විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සිදු නොකිරීම, බිල්පත් පියවීමේ අවිධිමත් ක්‍රමවේදයක් අනුගමනය කිරීම හා සංගීත ශිල්පීන්ට ගෙවීම් සිදු කිරීමේ දීත් අක්‍රමිකතා සිදුව ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

Smart Youth Night ප්‍රසංග මාලාව වෙනුවෙන් රුපියල් මිලියන 323 ක් වැය කර ඇති බවත්, අයවැයෙන් තරුණ කටයුතු සංවර්ධනය සඳහා වෙන් වන්නේ මිලියන 1000 ක් පමණක් වන පසුබිමක මෙය බරපතල මූල්‍ය අවභාවිතයක් බවත්, තාරුණ්‍යය සවිබල ගැන්වීම පසෙකලා මෙවැනි දේශපාලන ව්‍යාපෘති සිදුකිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා. 


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT