Local

ඉරාන ජනපතිගේ හෙලිකොප්ටරය අනතුරට ලක්වූ ප්‍රදේශයෙන් සුන්බුන් බවට සැක කෙරෙන උණුසුම් ප්‍රභවයක් හඳුනා ගැනෙයි

Monday, 20 May 2024 - 11:28 am

ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි, එරට විදේශ අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ගමන් කරමින් සිටියදී අනතුරට ලක්වූ හෙලිකොප්ටර් යානය සොයා එරට ආරක්ෂක අංශ තවදුරටත් මෙහෙයුම් සිදුකරමින් පවතිනවා.

ජනාධිපති රයිසිගේ හෙලිකොප්ටරය සෙවීමට සහාය වීම සඳහා තුර්කිය විසින් එවන ලද ඩ්‍රෝන යානයක් විසින් යම් උණුසුම් ප්‍රභවයක් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව යානයක සුන්බුන් බවට සැක කෙරෙන උණුසුම් ප්‍රභවයක් හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඉරාන ජනාධිපති රයිසි ඇතුළු එරට ඉහළ නිලධාරීන් පිරිසක් ඉරාන - අසර්බයිජාන දේශ සීමාවේ වේල්ලක් විවෘත කිරීමට එක්ව ඇති අතර, එම උත්සවයෙන් පසු ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස රැගත් හෙලිකොප්ටර් යානය යළි පැමිණෙමින් තිබියදී ඔවුන් එම අනතුරට මුහුණ දී තිබුණා.


Top Stories
wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

රට පුරා ත්‍රිපෝෂ නිෂ්පාදන අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමට සැලසුම්

wedivistara

බස් රථවල ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්!

wedivistara

කෝටි හතරක් පැහැරගත් මුදල් භාරකරුට වැඩ වරදී

wedivistara

2025 වස‍රේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 120.5 ක ආදායමක්

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

Trending
wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

සර්බියාවේ ජනාධිපතිට එරෙහිව විරෝධතා


NEWS ALERT