International

සිසිලි මුහුදේ ගිලුණු බයේ­සි­යන් යාත්‍රාවේ රක්ෂණ ආව­ර­ණය ඩොලර් මිලි­යන 150ක්

Saturday, 31 August 2024 - 8:38 am

බ්‍රිතාන්‍ය කෝටි­පති ව්‍යාපා­රික මයික් ලින්ච් ඇතුළු පුද්ග­ල­යන් 7 දෙන­කුට මරු කැඳ­ව­මින් ඉතා­ලියේ සිසිලි දූපත ආස­න්න­යේදී පසු­ගි­යදා ටොනේඩෝ කුණා­ටු­ව­කට හසුවී මුහු­දු­බත් වූ ‘බයේ­සි­යන්’ සුඛෝ­ප­භෝගී සංචා­රක යාත්‍රාවේ රක්ෂණ මුදල අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 150ක ඉක්ම­වනු ඇතැයි යාත්‍රා නිෂ්පා­දන ක්ෂේත්‍රයේ විශේ­ෂ­ඥ­වරු අනා­වැකි පළ කර ඇතැයි වාර්තා වේ. බ්‍රිතාන්‍ය ධජය සහි­තව ගමන් කළ බයේ­සි­යන් සුපිරි යාත්‍රාව සුළි කුණා­ටු­වට හසුවී මුහු­දු­බත් වූයේ උතුරු සිසි­ලියේ නැංගුරම් ලා තිබි­ය­දීය. යාත්‍රාව මුහුදේ ගිලී අතු­රු­දන් වූයේ මිනිත්තු කිහි­ප­යක් ඇතු­ළ­ත­දීය. යාත්‍රාවේ රක්ෂ­ණය ඇතු­ළුව පාරි­ස­රික හානිය, තුවාල හා මරණ ඇතු­ළුව තුන්වැනි පාර්ශ්වයේ වග­කීම් හිමි­කම් කර ඇති බැවින් රක්ෂණ මුදල එවැනි විශාල අග­යක් ගනු ඇතැයි වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

බයේ­සි­යන් යාත්‍රාව අන­තු­රට පත්වී­මට එම යාත්‍රාවේ කපි­තා­න්ව­රයා ඇතුළු කාර්ය මණ්ඩ­ලයේ නොසැ­ල­කි­ලි­ම­ත්භා­වය බලපෑ බවට චෝදනා එල්ල වූවද, රක්ෂණ ආව­ර­ණ­යට එම­ඟින් බල­පෑම් සිදු නොවන බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. මධ්‍ය­ධ­රණී මුහුදේ අඩි 160ක් ගැඹුරු සාගර පතුලේ තැන්පත්වූ යාත්‍රාවේ සුන්බුන් අතර සිර­වුණු සියලු මළ­සි­රුරු සමඟ මුහු­දු­බත් වූ සුඛෝ­ප­භෝගී යාත්‍රාව ගොඩගැනීමේ සැල­සු­මක් නැති බවත් වාර්තා වේ.


Top Stories
wedivistara

පිල්ලෙයාන් LTTE එකත් එක්ක හිටියා නම්, කොහේ හරි රටක පුරවැසිභාවයත් ලැබිලා, ඔහුව ජාතික සම්පතක් ලෙස බලාගන්න තිබ්බා - නාමල්

wedivistara

දැන් ගම්මන්පිල කියන විදියට, ප්‍රභාකරන්ව ඉවර කරලා රට එක්සේසත් කරලා තියෙන්නේ පිල්ලෙයාන් - හඳුන්නෙත්ති

wedivistara

සිරි දළදා වන්දනාව ජනපති සහභාගිත්වයෙන් ඇරඹෙයි

wedivistara

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් පහක් මරුට

wedivistara

සිරි දළදා වන්දනා​ව සඳහා ආරක්ෂාව සපයන පොලිස් නිලධාරීන්ට විශේෂ දීමනාවක්

wedivistara

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක් හේතුවෙන් රථ වාහන තදබදයක්

Trending
wedivistara

අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය පිළිබඳව රජය ගන්නා ක්‍රියාමාර්ග ගැන රට දැනුවත් කළ යුතුයි - රනිල්

wedivistara

හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය හෙට මහනුවරදී පැවැත්වෙයි

wedivistara

පිල්ලෙයාන්ගේ නීතිඥයා වෙලා තියෙන්නේ ගම්මන්පිල - නලින්ද ජයතිස්ස

wedivistara

2025 මුල් මාස තුනේ සංචාරක ඉපැයීම් ඩොලර් බිලියනය පසු කරයි

wedivistara

වාර්ෂිකව නව පිළිකා රෝගීන් 33,000 ක් වාර්තා වෙනවා - සෞඛ්‍ය ඇමති

wedivistara

ලක්ෂ 57කට අධික මුදලක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට


NEWS ALERT