International

මැදපෙරදිග කලාපීය අර්බුද තව තවත් තීව්‍ර වෙන ලකුණු

Thursday, 08 August 2024 - 9:10 pm

ලෙබනනයේ ක්‍රියාත්මක ෂියා ඉස්ලාමීය කල්ලියක් වන හිස්බුල්ලා සංවිධානය සැලකෙන්නේ එම කලාපයේ ඇති බලගතුම සන්නද්ධ කල්ලිය ලෙසය.

වර්තමානයේදී ලෙබනනය පාලනය කරන හිස්බුල්ලා සංවිධානය ඉරානයේ සෘජු සහාය ලබන සංවිධානයකි.

මැදපෙරදිග කලාපීය අර්බුද තවත් තීව්‍ර වන වාතාවරණයක් නිර්මාණය කරමින් හමාස් නායක ඉස්මයිල් හනියේ සහ හිස්බුල්ලා හමුදා ප්‍රධානී ෆෝවාඩ් ෂකර් පසුගියදා ඝාතනය වුණි.

ෂකර්ගේ ඝාතනයේ වගකීම ඊශ්‍රායලය භාරගෙන ඇති අතර ඊට නිසි ප්‍රතිචාර දක්වන බව හිස්බුල්ලා ප්‍රධානියා අවධාරණය කර තිබේ.

හිස්බුල්ලා නායක සයීද් හසන් නසරල්ලාහ් මේ බව අවධාරණය කළේ ලෙබනන් රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමිනි.

එම ප්‍රතිචාරය සඳහා කලාපීය සඟයන්ගේ සහාය ලබාගැනීමට පවා ඉඩ ඇතැයි ද ඔහු එහිදී පවසා තිබුණි.

හමාස් නායක ඉස්මයිල් හනියේද පසුගියදා ඉරානයේදීම ඝාතනයට ලක්වූ අතර, එහි වගකීම ඊශ්‍රායලයට පැවරූ ඉරානය අවධාරණය කළේ ඊට නිසැක ප්‍රතිචාර දක්වන බවය.

කෙසේ නමුත් ඊශ්‍රායලය තවමත් එහි වගකීම භාරගැනීම ප්‍රතික්ෂේප කරයි.

මේ අතර ඉන්දියාවේ ඉරාන තානාපති පවසා ඇත්තේ ගාසා තීරයේ ජන සංහාරය නතර කිරීමට සහ පලස්තීනයේ සාමය පවත්වා ගැනීමට ඉන්දියාවට මැදිහත් විය හැකි බවය.

ඉන්දියාවේ ඉරාන තානාපති තවදුරටත් පවසා ඇත්තේ ජාත්‍යන්තර ප්‍රජාව සමග මෙන්ම ඊශ්‍රායලය සහ ඉරානය සමග ද ඉන්දියාව හොඳ සබඳතාවක් පවත්වන බවත් ය.

ඒ හේතුවෙන් කලාපයේ වත්මන් අර්බුදය සහ ආතතීන් තුළ ඉන්දියාවට වඩාත් ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කළ හැකි බව ඉරානය විශ්වාස කරයි.


Top Stories
wedivistara

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ - නාමල්

wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය


NEWS ALERT