Sports

දකුණු අප්‍රිකාවට ඉතිහාසගත ජයක්

Thursday, 31 October 2024 - 6:54 pm

බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 273ක වාර්තාගත ජයක් ලැබීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (31) සමත් විය.

මෙය වසර 135ක දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඔවුන් ලැබූ දැවැන්තම ජය ලෙසින් වාර්තා අතරට එක්විය.

එමෙන්ම බංග්ලාදේශය ලැබූ පරාජයද ඔවුන්ගේ ටෙස්ට් වාර්තා අතර දෙවැනි දැවැන්තම පරාජයයි.

චට්ට්‍රොග්‍රාම්හිදී පැවති තරගයේ තෙවැනි දිනයේදී දකුණු අප්‍රිකාව මෙම ජය සම්පූර්ණ කරගත්තේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 6කට ලකුණු 575ක් රැස්කරගෙන සිටියදී ඉනිම අත්හිටුවීය.

කෙසේවෙතත් ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශය පළමු ඉනිමේදී සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 159ක් පමණි.

ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීමේ අභියෝගයත් සමගින් ලකුණු 416ක් පසුපස සිට බංග්ලාදේශයට සිය දෙවැනි ඉනිම ඇරඹීමට සිදු වූ අතර, එවරද ඔවුන්ට සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 143ක් පමණි.

තරගයේ වීරයා ලෙස දකුණු අප්‍රිකාව වෙනුවෙන් ලකුණු 177ක් රැස්කළ ටෝනි ඩි සොර්සි සම්මාන දිනාගත්තේය. 

ඔහුගේ මෙම ශතකය සිය ක්‍රිකට් දිවියේ ඉහළම ටෙස්ට් ඉනිම මෙන්ම පළමු ශතකද විය.

තරගාවලියේ වීරයා ලෙස තරග දෙකේදීම කඩුලු 14ක් දවාගත් වේගපන්දු යවන කගීසෝ රබාඩා සම්මාන දිනාගත්තේය.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT