International

රුසියාවට ඔත්තු බැලූ තල්මසා මියයයි

Monday, 02 September 2024 - 10:15 am

රුසියාව විසින් ඔත්තුකරුවෙකු ලෙස පුහුණු කළ බවට සැක කෙරෙන බෙලූගා තල්මසෙකු නෝර්වේ වෙරළට ඔබ්බෙන් මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා. ව්ලැඩිමීර් ලෙස නම් කළ මෙම සත්වයාගේ සිරුර නිරිතදිග රිසාවිකා නගරාසන්න මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගෙන ඇති අතර, පරීක්ෂණ සඳහා ඊට වරායට ගෙන ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මීට වසර පහකට පෙර ''සාන්ත පීටර්ස්බර්ග් උපකරණ'' යනුවෙන් සඳහන් කර ඇති පටිවලට සවි කර ඇති කැමරාවක් සමඟින් වයස අවුරුදු 15ක තල්මසා ප්‍රථම වරට නෝර්වීජියානු මුහුදේ දී දැක තිබුණා. මෙම සත්වයා ඔත්තු සේවයේ යොදවා ඇති බවට එවක ප්‍රචාර වූවත් රුසියාව ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැහැ. වසර ගණනක් මෙම සත්වයා නිරීක්ෂණය කළ මැරයින් මයින්ඩ් නම් සංවිධානය තල්මස් සිරුර සොයාගෙන තිබූ අතර, මරණීය තුවාලද දක්නට නොමැති බවයි ඔවුන් පවසන්නේ. අවුරුදු 60ක් පමණ ජීවත්වන බෙලූගා වර්ගයේ තල්මසුන් දිගින් අඩි පහේ සිට 15 ක් පමණ විය හැකි අතර, කිලෝග්‍රෑම් 1500 කට ආසන්න බරකින් යුක්තයි.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT